කඳුලට සිනහවක්
තම දරුමුනුපුරන්ගෙන් වෙන්ව වැඩිහිටි නිවාස වලට වී සැදෑ සමය ගත කරන අපේම අම්මලා තාත්තලා වගේම දෙමාපිය රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින අහිංසක දූ දරුවනුත් තම ආදරණියන් නොමැති දුක හිතේ සඟවන් කඳුළු අතරින් සිනාසීමට වෙර දරයි. ඔවුන් එසේ ගත කරන දුක්බර ඒකාකාරී ජිවිතයට විරාමයක් දෙමින් අප සංගීත කණ්ඩායමේ මියුරු සත්සර නාදය හමුවේ ඔවුන්ට සතුටින් විනෝදයෙන් දවස ගත කිරීමට අවස්ථාව ලබා දුනි.
අප මෙලොව බිහිවූ දා සිට ආදරය, සෙනෙහස, රැකවරණය දෙමින් අනන්ත දුක් ගැහැට විඳිමින් සමාජයේ උසස් තත්වයකට ගෙන ඒමට දෙමව්පියන් දරන වෑයම කියා නිම කල නොහැකිය. නමුත් ඒ සියල්ල පසෙකලා වර්තමානයේ බොහොමයක් පුද්ගලයින් තම දෙමව්පියන්ට සැලකීමට වඩා වැඩි උනන්දුවකින් වැඩිහිටි නිවාස සොයායෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය අප අතරින් ගිලිහී යමින් පවතින සමාජයක ඔවුන්ගේ සුවදුක් සොයා බලා මොහොතකට හෝ ඔවුන්ව සතුටින් තැබීමට මෙන්ම බිළිඳු අවධියේ සිටම දෙමාපිය රැකවරණක් නොමැතිව ළමා නිවාස වල ඇතිදැඩි වන දරුවන්ගේ සිත් සතුටින් තැබීමටද අප කටයුතු කරනු ලබනවා.
ඒ අනුව මෙම මාසයේත් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල වැඩිහිහිටි නිවාස 11ක හා ළමා නිවාසයක තම අදරනියගෙන් වෙන්ව ජිවත් වන අහිංසක වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් මියුරු සංගීතයෙන් දෙසවන් පිනවන්නට අප සංගීත කණ්ඩායමට හැකියාව ලැබුණි.
මේ වන විට කදුලට සිනහවක් වැඩසටහන් 728 පවත්වා ඇති බව ඔබට සතුටින් දන්වා සිටිමු.
දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් පිරුණු හිතකට සංගීතය කියන්නේ ගොඩක් හොඳ ඔසුවක්. ජීවිතයේ දුක සැප බෙදාගන්න තමන්ගේම කියල කවුරුවත් නැතුව හුදෙකලාව තනිවුනු ළමා නිවාස වල දුවා දරුවන්ගේත්, වැඩිහිටි නිවාස වල මවු පියවරුන්ගේත්, ආබාධිත නිවාස වල ජීවත් වන බොහෝ පිරිසකගේත් හිත්වල තිබුණු දුක වේදනාව අපේ කර ගත්ත විශ්ව පාරමීයේ අපි ඔවුන් වෙනුවෙන්ම නිමවූ වැඩසටහනයි.
ජිවිතයේ සැදෑ සමය තමන්ගේ දරුමුනුපුරන් සමඟ නිදහසින් සතුටින් ගත කරන්න ඕනේ කාලේ ඇතැම් වැඩිහිටියන් මහළු නිවාසයක බිත්ති සතරකට කොටු වී තම ආදරනියන් එනතුරු නෙත් දෙකේ කදුළු සගවන් බලා සිටින ඒ දුක්බර මොහොත දකිනවිට අපේ නෙත්වලටත් නොදැනීම කඳුළු උනනවා .
එසේ තම සබැඳියාවන්ගෙන් වෙන්ව වැඩිහිටි නිවාස 10ක ජිවත්වන 423 ක් පමණ අහිංසක අපේම අම්මලා තාත්තලාගේ දුක් සෝ සුසුම් මියුරු සංගීතයෙන් නිවා ලමින්, ඔවුන්ගේ කඳුළට සිනහවක් ගෙනෙන්නට අප සංගීත කණ්ඩායමට හැකියාව ලැබිණි.
තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන් විඳින ලද අනේකවිද දුක් කඳුළු පිසදා සිනාසෙන්නටත්.. ඔවුන්ගෙන් සැනසෙන්නටත් සිතූ පැතූ එම සිහින බොඳව ගොස්, මහළුව ගතින් දුබල වූ ඔවුන්ගේ එකම පිළිසරණ වූ මහළු නිවාසයක බිත්ති අතර තනිව, තම ජීවිතය ගෙවා දමනා ඔවුන්ගේ දෙනෙත් නිතර කඳුලින් තෙමී බොඳව යන්නේ තම දුවා දරුවන් තමා ළඟ සිටිය යුතුම වූ අවධියේ ඔවුන් තමා අතැර යාමේ වාවාගත නොහැකි වූ දුක ඉවසා දරා ගත නොහැකිම වූ නිසාවෙනි.
වාරුව නැති වී පාළුව සමඟින් මහලු වෙලා මා ඉන්න වෙලේ
මා පිළිගන්නට බලා සිටින්නේ මරණය හැර වෙන කවුද ලොවේ
ඉඳහිට කවුරුත් මාව බලන්නට එනවිට සිත තුළ සතුට පිරේ
පාළුව තනිකම මකා දමන්නට නිතරම කඳුළැලි දෙනෙතේ රැඳේ
එළිවෙයි රෑ වෙයි දවස ගෙවී යයි වෙනසක් මට නෑ තේරෙන්නේ
දවසේ පැය ටික ගෙවා දමන්නට නිදි පැදුරේ ඉඳ නොමැරී මැරේ.

දවසේ පැය ටික ගෙවා දමන්නට නිදි පැදුරේ ඉඳ නොමැරී මැරේ