Category Archive

අභය පාරමී මාසික වැඩසටහන්

අභය පාරමී | මාර්තු 2024

මවට සමාන කරන සත්වයා “කිරි මවයි”. එම සමාන කමට සිටින සත්වයා ගව ඝාතකාගාරයේ මරණයේ පොරොත්තු ලේඛනයේ සිටිය දී, එයින් මුදවා ගෙන ඇයට ජීවිත දානය ලබාදෙන වැඩසටහන අභය පාරමී වේ. එම වැඩසටහන යටතේ නාත්තන්ඩිය සහ බකිනිගහවෙල ප්‍රදේශයන්හි දී කිරි ගවයින් සය දෙනෙකුට අභය දානය ලබා දීම සිදු කෙරිනි.

 

අභය පාරමී | මාර්තු 2023

මරණය අප කාහටත් බිය උපදවයි. අපි කවුරුත් කැමති නෑ තව කෙනෙක් අපේ ජීවිතය අහිමි කරනවට. ඒ වගේම තමයි අනෙක් සතුනුත්. අපි වගේම තමන්ගේ ජීවිතයට ආදරෙයි. ඒත් මිනිසුන් වන අප කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය නිසා අහිමිවන ජීවිත ගණන අති විශාලයි. එලෙස මරණය අභියස සිටි ගවයින් මරණයෙන් නිදහස් කිරීමේ පුණ්‍යකර්මයට දායක වෙන්න  විශ්ව පාරමී අප පිංවන්ත වුනා. ඒ අනුව 2023 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී කිරි ගවයින් සය දෙනෙකුට ජීවිත දානය ලබා දීමට හැකි විය.

අභය පාරමී | දෙසැම්බර් 2022

මරණය යනු මෙලොව වසන සියලු දෙනාටම පොදු ධර්මතාවයකි. සියලූම සත්වයෝ මරණය බියයි. නොසිතූ විරූ ලෙස කවුරුන් හෝ අපව මරණයට පත් කිරීමට පැමිණෙන විට අපට ඇතිවන්නා හා සමානම  බියක් අනෙකුත් සතුන්ටද ඇති වේ. නමුත් මිනිසුන්  එය නොතේරුම් ගන්නවා මෙන්ම අසරණ සතෙකුගේ මරණය තමන්ගේ සතුට කර ගනිමින්  ඒ මහා පාප කර්මයේ විපාකය කොයිතරම් ද යන්න මොහොතකටවත් කල්පනා නොකරයි. එසේ තම රස නහර පිනවීම සඳහා ගවඝාතකාගරවල මරණයට කැප වී සිටි කිරි එළදෙනුන් සිව්දෙනෙකුට මෙලෙස අභය දානය ලබා දුනි.

අභය පාරමී – ඔක්තෝම්බර් 2022

මෙලොව එලිය දකින සෑම  ජීවියෙකුටම මේ මිහිකත මත ජීවිත් වීමේ අයිතියක් ඇත.එබැවින් මනුෂ්‍යන් ලෙස අපගේ වගකීම විය යුත්තේ ඒ අනෙක් ජීවින්ගේ ජීවිත ආරක්ෂා කිරීමයි. අභය පාරමී සත්කාරය යටතේ එසේ ජීවිත අහිමි වීමට නියමිත කිරි ගවයින් සය දෙනෙකු ගව ඝාතකාගාර වලින් නිදහස් කර ඔවුන්ට ජීවත් වීමට ඉඩහසර සලසා දීමට විශ්ව පාරමී අප කටයුතු කරනු ලැබුවා.

අභය පාරමී – ජුලි 2022

අභය පාරමී මාසික සත්කාරය යටතේ මෙම මාසයේත් මරණයට නියම වී සිටි ගවයින් නිදහස් කර ප්‍රදශයේ අඩු අදායම් ලාභී පවුල් වල ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත ලබා දෙන ලදී.

අභය පාරමී – ජුනි 2022

මරණය අප කාහටත් බිය උපදවන සුළුය. එසේ ගවඝාතකාගරවල මරණ භයින් කෑ ගසමින් සිටි ගවයින් තිදෙනෙකු  නිදහස් කර බිබිල, බකිනිගහවෙල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්  වෙත ලබා දෙන ලදි. මෙමගින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කර ගැනීමට උපකාර කිරීම අප පදනමේ අභිලාශයයි.

අභය පාරමී – මැයි 2022

මරණය අප කොයි කාටත් බිය උපදවන සුළු දෙයකි. එය මිනිසුන්ට මෙන්ම සත්ව ලෝකයට ද එක සේ උරුමයි. තවකෙකුගේ උවමනාව වෙනුවෙන් මරණයට කැප වී සිටි ගවයින් තිදෙනෙකු මරණයෙන් නිදහස් කර නාත්තන්ඩිය  ප්‍රදේශයේ අඩු අදායම් ලාභී පවුල් වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

අභය පාරමී – අප්‍රේල් 2022

ගිතෙල්, මී කිරි ,එළ කිරි යන පස්ගෝරසයෙන් කුඩා දරුවාගේ පටන් මහල්ලෙකු දක්වාම අපව පෝෂණය කරමින්, ඉවතලන පොහොරින් වගාවන් සරුසාර කරමින් මිනිසාට මහඟු සේවාවක් සැපයුවත් ඒ සියල්ල පසෙකලා මුදල් තණ්හාවට සහ ඇතැමෙක්ගේ රස නහර පිනවීම සඳහා ඔවුන්ගේ ජීවිතය මස් පිණිස අහිමි කිරීම කෙතරම් පාපතර ක්‍රියාවක්ද ?

එසේ ගව ඝාතකාගාරවල තම මරණය පෙනී පෙනී භයෙන් තැති ගනිමෙන් සිටින කිරි එළදෙනුන් 5 ක්  මරණයෙන් නිදහස් කර අඩු අදායම්ලාභී පවුල් වල ආර්ථිකය සවිමත් කිරීමේ උතුම් අරමුණෙන් බුත්තල ප්‍රදේශයේ පවුල්  5ක් සඳහා එම කිරි එළදෙනුන්ව ලබා දීමට අප පුණ්‍යවන්ත විමු.

අභය පාරමී – පෙබරවාරි 2022

මරණය පෙනී පෙනී මරණ භයේ කෑගසමින් සිටි කිරි දෙනුන් කිහිපදෙනෙකුට යළි ජීවිතය ලබා දෙමින් ඔවුන්ව ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල් සඳහා ලබා දීමට 2022 පෙබරවාරියේ දී අපට හැකි විය.

අභය පාරමී – ජනවාරි

මිනිසා මෙන්ම අනෙකුත් සියලුම සතුන් මෙලොව එලිය දකින්නේ නිදහසේ ජිවත් වීමේ අයිතියත් ඇතිවය. නමුත් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය නිසා වර්තමානයේ බොහොමයක්  ගවයින්ගේ ජිවිත මස් පිණිස අහිමි කරනු ලබනවා. අභය පාරමී සත්කාරය යටතේ එසේ ජිවිත අහිමි වීමට නියමිත කිරි ගවයින්ව ගව ඝාතකාගාර වලින් නිදහස් කර ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල් සඳහා ලබා දී ඔවුන්ට තම ආර්ථිකය සවිමත් කර ගැනීමට අත්වැලක්  සපයමින් විශ්ව පාරමී පදනම විසින් තවත් මාසිකව සිදු කරනු ලබනවා.

ඒ අනුව, 2022 ජනවාරි මාසයේ කිරි ගවයින් මරණයෙන් නිදහස් කර ගැනීමට දායකත්වය ලබා දීමට හැකි විය.


Latest Posts

භාෂාව තෝරන්න