Category Archive

අධ්‍යාපන

ශ්‍රී රාහුල විද්‍යාලය | රාජාංගනය

අධ්‍යාපන November 16, 2023

විශ්ව පාරමී කණ්ඩායමක් තඹුත්තේගම ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදුනු අවස්ථාවක, රාජාංගනය ප්‍රදේශයට අයත් ශ්‍රී රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසකට වඩා වැඩි දරුවනට පානීය ජල පහසුකම් නොමැතිබව හඳුනා ගන්නා ලදි. විදුහල්පතිතුමා සමග සාකච්චා කිරීමේදී අසල පහිටි ළිදකින් ජලය සපයාගැනීමට ඔවුනට හැකි බවත්, ඒ සඳහා මෝටරයක අවශ්‍යතාවක් ඇති බවත්, පවසන ලදී. නමුත් පාසලේ තිබෙන විශාල ටැංකිය කරා ජලය ගෙනයාමට ජල නළද අවශ්‍ය බැවින් පාසලේ දරුවන්ගේ දෙමාපියන්ගෙන් මුදල් එකතු කර මිලදීගැනීමට සැලසුම්කර තිබුනද, එම දෙමාපියන්හට ඒ සදහා වත්කමක් නොමැතිබවද අපට වැටහුණි.

එම නිසාවෙන් එම ව්‍යාපෘතියේ අවසානයක් දැකීමට කැමැති විශ්ව පාරමි අපි විසින් ඒ සදහා අවශ්‍යවන මෝටරය හා නළ පද්ධතිය මිලදී ගෙන ව්‍යාපෘතිය සම්පුර්ණ කරන ලදී. එම නිසා පාසලේ ඉගෙනනුම ලබන  අහිංසක දුවා දරුවන් දහසකගේ පානීය ජල ගැටලුව විශ්ව පාරමී අප විසින් විසදාලිමට වාසනාවන්ත විය.

ශාන්ත පාවුළු විද්‍යාලය |කටාන

කටාන ශාන්ත පාවුළු විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් අධ්‍යාපනය ලබන පාසලකි. ඉතාමත් අඩු පහසුකම් මධ්‍යයේ පවත්වාගෙන යන මෙම පාසලේ දරුවන් ඉගෙනීමට ඉතා දක්ෂය. පාසලේ විද්‍යාගාරයේ, විද්‍යා පරික්ෂණයන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ මෙන්ම රසායන ද්‍රව්‍ය හිඟකම මේ දරුවන්ගේ අධ්‍යාපනයට මහත් බාධාවක්ව තිබුණි. එය හඳුනාගත් අප, එම අවශ්‍යතාවයන් සපුරාලමින්, මේ දුවා දරුවන්ට නව ලෝකය ජය ගන්නට අත්වැලක් සපයන්නට සමත් වුනෙමු.

හෙට දවසේ වීරයන් තනන්නට අද දවසේ මනා අඩිතාලමක්

අධ්‍යාපන March 30, 2023

හෙට දවසේ වීරයන් තනන්නට අද දවසේ මනා අඩිතාලමක් වැටෙන්නේ කුඩා දරුවන්ගේ පාසල් අධ්‍යාපනයෙන් බව අප සියලු දෙනාම දන්නා කාරණාවක්.

ඒ වගේම විශ්ව පාරමී පදනමෙන් දුෂ්කර පලාත්වල පාසල් දරුවන්ට යම් තරමක් හෝ සහනයක් ලබා දීමේ අරමුණෙන් දියත් කල පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන මෙම මාසයේදී රත්නපුර අවට පාසල් දෙකක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට යෙදුනි. ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කොට්ඨාශයේ විතානගම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් 33 දෙනෙකුහට සහ එම කලාපයේම හඳුන් කන්ද මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් හත්දෙනෙකුට පාසල් බෑග් ලබා දුන්නේ මෙලෙසිනි.

විතානගම විද්‍යාලය

හඳුන් කන්ද මහා විද්‍යාලය

පාසල් උපකරණ බෙදා දීම

අධ්‍යාපන January 25, 2023

“අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට ඔබ ළඟ ඇති ප්‍රබලම අවියයි”.

                                                                      ~නෙල්සන් මැන්ඩලා

මානව සමාජයේ පැවැත්මට අධ්‍යාපනය තරම් වටිනා සම්පතක් තවත් නොමැති අතර අධ්‍යාපනයෙන් තොර අතීතයක්, වර්තමානයක්, හෝ අනාගතයක් නොමැත. නමුත් අපේ රටේ ඇතැම් දූදරුවන්ට ආර්ථික දුෂ්කරතාවයන් නිසා අධ්‍යාපන කටයුතු කර ගෙන යෑමේදී විවිධ අභියෝග සහ බාධකවලට මුහුණ දීමට සිදු වේ. එවන් දරුවන්ගේ නැණ නුවණ පෑදීමේ උතුම් අරමුණින් රඹෑව, දිවියාඋඩබැන්ද විද්‍යාලයේ දරුවන් 75 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දෙන ලදි.

රාම ක්‍රිෂ්ණ විදුහලට දිවා ආහාරය

අධ්‍යාපන December 19, 2022

අඩුආදයම්ලාභී පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන තෝරාගත් පාසල් සඳහා පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනේ තවත් අදියරක්  මෙම දෙසැම්බර් මස පාමංකඩ, රාම ක්‍රිෂ්ණ විදුහලේදී සාර්ථකව පවත්වන ලදී. එහි  අධ්‍යාපනය ලබන සිසු දරුවන් 350ක් වෙනුවෙන් මෙලෙස පෝෂණීය දිවා ආහාරයක් දෙනු ලැබීය.

පාසල් නිල ඇඳුම් බෙදා දීම

අධ්‍යාපන December 16, 2022

පාසල් දරුවන් සුදෝ සුදු නිල ඇඳුමකින් පාසල් යන්න කෙතරම් කැමැත්තක් දක්වනවද ? ඉතින් ඒ වගේ අහිංසක බලාපොරොත්තු හිතේ තියන් අකුරු කරන පැපිලියාන සුනේත්‍රා මහාදේවී විද්‍යාලයේ මල් කැකුළුවන් සිසු දරුවන් 43 දෙනෙකු සඳහා පාසල් නිල ඇඳුම් ලබාදුන් අවස්ථාවයි මේ..

පෝෂණයයි සෙනෙහෙ ලොවයි

අධ්‍යාපන November 23, 2022

තෝරාගත් පාසල් සඳහා පෝෂණීය දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන යටතේ, පැපිලියාන සුනේත්‍රා මහාදේවී විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් 45 දෙනෙකු සහ නුගේගොඩ, උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් 67 දෙනෙකු සඳහා පෝෂණීය දිවා ආහාර වේලක් ලබා දීම මෙම නොවැම්බර් මාසයේදී සිදු කරන ලදී. එම ආහාරය ඔවුන් ඉතාමත් සතුටින් භුක්ති විඳී බව ඔවුන්ගේ මුහුණේ ඇඳුනු සිනහවෙන් අපට දැකගත හැකි විය.

පැපිලියාන සුනේත්‍රා මහාදේවී විද්‍යාලය

උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහා විද්‍යාලය

බොරලැස්ගමුව ආනන්ද නව ආදර්ශ විද්‍යාලයට දිවා ආහාරය

අධ්‍යාපන October 27, 2022

දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීමේ අරමුණින්  පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අඩුආදයම්ලාභී පවුල්වල දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා දිනකට පෝෂණීය ආහාර වේලක් ලබා දීම ආරම්භ කෙරුණි. එහි පළමු පියවර ලෙස බොරලැස්ගමුව ආනන්ද නව ආදර්ශ විද්‍යාලයේ දරුවන් 194 දෙනෙකු සඳහා දිව ආහාරය ලබා දීම ඉතා සාර්ථකව සිදු කෙරුණි.

දිරියෙන් ඉදිරියට පියමනින්නට අත්වැලක්

අධ්‍යාපන September 22, 2022

රත්නපුරේ පිහිටි ගළුකාගම විද්‍යාලය කියල කියන්නේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දරුවන් පමණක්ම අධ්‍යාපනය ලබන ග්‍රාමීය පාසලක්. ඒ පාසලේ දරුවන් 48 දෙනෙක් අධ්‍යාපනය ලබන අතර, 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පමණයි පන්ති පැවැත්වෙන්නේ. ඒ නිසා මේ ළමුන් බොහොම අපහසුතා මැද තමයි අධ්‍යාපනය සිදු කරන්නේ. මේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පාසල් උපකරණ රැගෙන අප කණ්ඩායමක් පසු ගිය දිනෙක පාසැල වෙත ගියා. පහතින් දක්වා ඇත්තේ එලෙස රැගෙන ගිය පාසල් උපකරණ දරුවන් වෙත ලබා දුන් අවස්ථාවේ ඡායාරූපයි.

මෙමඟින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා..!

ලබා දෙන එක පොතකින් වුව එලිය කරයි මුලු ලෝකයක්

වසර 5ක පමණ කාලයක් තිස්සේ විෂය නිර්දේශයට අදාල කිසිදු අමතර පොතක් නොමැතිව  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අබයපුර මහා විද්‍යාලයේ  සිසුන් බොහෝමයක් අනාගතය ගැන බලාපොරොත්තු අතහැර සිට ඇත. නමුත්  විශ්ව පාරමී පදනම මගින්  පුස්තකාලයට අවශ්‍යම අධ්‍යාපනික පොත් පරිත්‍යාග කිරීම මගින් අනාගතය ගැන බලාපොරොත්තු සුන් වී සිටි බොහෝ සිසු දූ දරුවන්ට නැවතත් ජීවිතය දකින්න , අනාගතය දකින්න ආලෝකයක් ලබා දීමට පුළුවන් වීම අප පදනමේ අභිලාෂයන් ඉටු වීමකි. 

එසේම කටුගස්තොට උඩුවාවෙල ප්‍රදේශයේ සියලුම දු දරුවන්ගේ දැනුම් කෙත අස්වද්දන්නට මහඟු පිටුවහල වන ස්ථානයක් වන උඩුවාවෙල පුරාණ රජ මහා විහාරයේ පුස්තකාලයට අඩුපාඩුවක්ව පවතින පොත්පත් රාශියක් පරිත්‍යාග කරමින් ඔවුන්ගේ දැනුම තව තවත් වර්දනය කරන්නට දායකත්වය ලබා දීමට අපට හැකියාව ලැබුණි.

මාවනැල්ලේ පිහිටා ඇති හීනටිපන කණිෂ්ට විද්‍යාලය සහ උඩුව ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට හැකි විය.


Latest Posts

භාෂාව තෝරන්න