කඳුලට සිනහවක් – අප්‍රේල් 2022

  699 views

අප මෙලොව බිහිවූ දා සිට ආදරය, සෙනෙහස, රැකවරණය දෙමින් අනන්ත දුක් ගැහැට විඳිමින් සමාජයේ උසස් තත්වයකට ගෙන ඒමට දෙමව්පියන් දරන වෑයම කියා නිම කල නොහැකිය. නමුත් ඒ සියල්ල පසෙකලා වර්තමානයේ බොහොමයක් පුද්ගලයින් තම දෙමව්පියන්ට සැලකීමට වඩා වැඩි උනන්දුවකින් වැඩිහිටි නිවාස සොයායෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය  අප අතරින් ගිලිහී යමින් පවතින සමාජයක ඔවුන්ගේ සුවදුක් සොයා බලා මොහොතකට හෝ ඔවුන්ව සතුටින් තැබීමට මෙන්ම බිළිඳු අවධියේ සිටම දෙමාපිය රැකවරණක් නොමැතිව ළමා නිවාස වල ඇතිදැඩි වන දරුවන්ගේ සිත් සතුටින් තැබීමටද අප කටයුතු කරනු ලබනවා. 

ඒ අනුව මෙම මාසයේත් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල වැඩිහිහිටි නිවාස 11ක හා ළමා නිවාසයක තම අදරනියගෙන් වෙන්ව ජිවත් වන අහිංසක වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් මියුරු සංගීතයෙන් දෙසවන් පිනවන්නට අප සංගීත කණ්ඩායමට හැකියාව ලැබුණි.

මේ වන විට කදුලට සිනහවක් වැඩසටහන් 728 පවත්වා ඇති බව ඔබට සතුටින් දන්වා සිටිමු.


Latest Posts

භාෂාව තෝරන්න