Category Archive

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ | ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

මුලික අවශ්‍යතාවය වන ආහාරය, වේලක් හැටියට සපුරා ගැනීමත් අපහසු වකවානුවක, ප්‍රසුතියේදී දරුවට අවශ්‍ය සියලුම දෑ ලැයිස්තු ගත කර ලබා ගන්නා ලෙස දන්වා සිටිය දී, ප්‍රසුති මව්වරුන්ට දැනෙන අපහසුව නිවාලන්නට හැකි අපේ වැඩසටහන “අම්මාවරුනේ” වේ. ඒ අනුව, 2024 මාර්තු මස 27වන දින එම වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය  කාර්යාලයේ ඉතා සාර්ථකව නිමා කිරීමට අපිට හැකියාව ලැබුනෙමු.

අම්මාවරුනේ | ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

කුරුණෑගල දිස්ත්‍රික්කහි සිදු කළ පළමු වැඩසටහන, පෙබරවාරි මස 29වන දින, ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී, පවත්වනු ලැබිණි. දරු ප්‍රසුතියක් සඳහා මවක් විසින් සපයා ගත යුතු සියලූම ද්‍රව්‍ය, එම ප්‍රදේශයෙන් තෝරාගත් අඩුආදයම්ලාභී ගැබිණි මව්වරුන් 15 දෙනෙකු වෙත මෙලෙස ලබා දෙන ලදි.

 

අම්මාවරුනේ | දංකොටුව සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශය

දස මාසයක් තම කිරිකැටියාව කුස තුළ හොවා ගනිමින් උතුම් වූ මව්පදවිය ලැබීමට සැරසෙන මව්වරුන් වෙනුවෙන් තවත් එක් අම්මාවරුනේ වැඩසටහනක්, දංකොටුව සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශය මූලික කර ගනිමින් පෙබරවාරි මස 01 වන දින පවත්වන ලදි. එහිදී අඩු අදායම්ලාභී ගැබිණි මව්වරු 15 දෙනෙකුට දරු ප්‍රසූතිය සඳහා රෝහලට රැගෙන යායුතු සියලූම ද්‍රව්‍යත්, දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍යත් ලබා දෙන ලදි.

අම්මාවරුනේ | උච්චමුනි

උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන දිළිඳු අම්මාවරුන් වෙනුවෙන්, අම්මාවරුනේ සත්කාරය පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත් උච්චමුනි දූපතේ දී පවත්වන්නට යෙදුනි. එය ධීවර කර්මාන්තය ප්‍රධාන ජිවනෝපාය කරගත් පවුල් 300ක් පමණ ජීවත්වන  ඉතාමත්  සුන්දර දූපතකි. නමුත් එහි ජනතාව ගත කරන්නේනම් එතරම්ම සුන්දර ජිවිතයක් නොවේ.

අඟ හිඟ කම් රාශියක් මැද ජිවත් වන මේ අම්මලාට අප සිදු කල මේ සත්කාරය මහත් අස්වැසිල්ලක් වූවා නොඅනුමානයි.

අම්මාවරුනේ | ආරච්චිකට්ටුව සෞඛ්‍යය වෛද්‍ය බල ප්‍රදේශය

අම්මාවරුනේ මෙවර දියත් කරනු ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව සෞඛ්‍යය වෛද්‍ය බල ප්‍රදේශය තුලයි. ගැබිණි මවක් දරු ප්‍රසූතිය සඳහා රෝහලට යාමේදී රැගෙන යා යුතු උපකරණ ලැයිස්තුවක් වෛද්‍යවරුන් විසින් නියම කරනවා. නමුත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මව්වරුන්ට එම සියලූම ද්‍රව්‍ය සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක්. බඩු මිළ අධික ලෙස ඉහල ගොස් ඇති මෙවන් කාලවකවානුවක අවම වශයෙන්  එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්වත් සපයා ගත නොහැකිව සිටින මව්වරුන් පහළොස් දෙනෙකු වෙනුවෙන් අවශ්‍ය සියලූම උපකරණ ලබා දීම මෙහිදී අප සිදු කරනු ලැබුවා.

අම්මාවරුනේ | කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ දිළිඳු ගැබිණි මව්වරුන් 15 දෙනෙකුට දරු ප්‍රසුතියේදී අවශ්‍යවන සහ ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය ලබා දෙන ලදි.

අම්මාවරුනේ | පල්ලම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශය

ලොව මිළ කල නොහැකි වස්තූන්ගෙන් එකක් තමයි දරුවන්. එවන් මිළ කල නොහැකි වස්තුවකට මෙලොව එලිය දැකීමේ මුහුරත වෙනුවෙන් දරුවාට සහ මවට ප්‍රසූතියේදී සහ ඉන් පසුවටද භාවිතා කල හැකි ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහන වන්නේ අම්මාවරුනේ වැඩසටහනයි. මෙවර එය පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත් වුනා. මෙයට එම ප්‍රදේශයේ අන්ත දුගී ගැබිණි මව්වරුන් 15 දෙනෙකු තෝරාගෙන එවන් මිලකළ නොහැකි වස්තුවකට, මිළ කල හැකි වටිනාකමකින් යුත් පරිත්‍යාගයක් කිරීමට 2023 පෙබරවාරි මාසයේදී  විශ්ව පාරමී අප විසින් සිදු කරනු ලැබුවා.

අම්මාවරුනේ | මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශය

2023 ජනවාරි මසදී පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ බොහෝ ආර්ථික අපහසුතා රාශියක් මැද්දේ ජීවත් වන අඩුආදයම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන් 15 දෙනෙකු හට දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය වන සියලූම ද්‍රව්‍ය බෙදා දෙන ලදී.

අම්මාවරුනේ |වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

දෙසැම්බර් 2022

වේදනාවල් දසදහස් ගණනක් අතරින් ලේ කිරි කර සිනාසෙන මව්වරුන්  උදෙසා සිදු කරන අම්මාවරුනේ වැඩසටහන දෙසැම්බර් මස ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුරදී පැවැත්වීය. එහිදී එම ප්‍රදේශයේ අඩුආදයම්ලාභී පවුල්වල ගැබිණි මාතාවන් පහළොස්දෙනෙකු තෝරා දරු ප්‍රසූතිය සඳහා මවක් විසින් සූදානම් කරගත යුතු සියලූම ද්‍රව්‍ය අප විසින් ලබා දීමට කටයුතු කරන ලදී.

අම්මාවරුනේ | මාගාල්ල සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශය

නොවැම්බර් 2022

ලොව ඇති අති දුෂ්කරම වේදනාව බිළිදෙකු ඉපදීමේදී කාන්තාවකට ඇතිවන වේදනාවයි. දසමසක් කුස හොවා එතරම් දුක් කන්දක් විඳදරාගෙන තම කිරිකැටියා මෙලොවට බිහිකරන්නේ ඇය කෙතරම් නම් ස්නේහයකින් වන්නට ඇතිද? ඒ අවස්ථාව වෙන තෙක් ඇය කෙතරම් නම් සිහින දකින්නට ඇතිද? පලමුවරට තම කිරිකැටියා දකිනා විට අම්මාට කොතරම් නම් සතුටක් දැනෙනවා ඇතිද? ඒ කිරි සිහින මල්ඵල ගැන්වූ අවස්ථාවක ගාල්ලේ මාගාල්ල සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මව්වරුන් 15දෙනෙකු  සමග ඒ සතුට අපටත් බෙදාගැනීමට අපට හැකි විය.


Latest Posts

භාෂාව තෝරන්න