Category Archive

අඳුරෙන් ආලෝකයට වැඩසටහන්

අඳුරෙන් එළියට

මේ ජීවිතයේ තමාට වැඩිපුර වටිනා දේවල් අප බොහෝ දෙනෙකු අගයන්නේ ඇස් දෙක වාගේ කියායි. එයින් පැහැදිලි වන්නේ ඇස් දෙක එතරම්ම මිනිසාට වටිනා ඉන්ද්‍රියක් බවයි. නමුත් දෑසින් අප ලෝකයක් දකිනා විට ඇස් පෙනීමේ දුර්වලතා ඇති අධික පිරිසක් මේ මිහිතලය මත ජීවත් වේ.

එවැනි දුර්වලතා වලින් පෙළෙන පිරිසකට නැවත පෙනීම ලබා දීමේ උතුම් අරමුණින් වැල්ලවාය අඹවත්ත ප්‍රදෙශයේදී අක්ෂි කඳවුරක් පවත්වනු ලැබුවා. ඒ සඳහා ගරුතර ස්වාමීන්වහන්සේලා ඇතුළු ප්‍රදේශයේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල්වල වැඩිහිටියන් සහ දරුවන් 156 දෙනෙකුගේ අක්ෂි පරීක්ෂා කර සුදුසු ඇස් කණ්නාඩි ලබා දීම මෙහිදී සිදු කෙරුණා.

පහතින් දැක්වෙන්නේ එසේ උපැස් ලබා ගත් අය අතරින්  කිහිපදෙනෙකි.

දෙනෙතින් ලෝකය දකින්නට…

හැමෝම ආසයි ජීවිතය විඳින්න, ලෝකය දකින්න. නමුත් අවාසනාවකට මෙන් විවිධ හේතූන් නිසාවෙන් අපගේ ඇස් පෙනීම දුර්වල වුවහොත් අපට ලෝකය දකින්න තියෙන අවස්ථාව අහිමිව යනවා. එලෙස ඇස් පෙනීම දුර්වල වූ අයකුට නැවතත් ඔහුගේ පෙනීම යථා තත්ත්වයට ලබා ගැනීමට උපකාර කල හැකිනම් එය කොතරම් නම් කුසල කර්මයක්ද? එවැනි ඇස් පෙනීම දුර්වල නමුත් අක්ෂිකාච බද්ධයන් සිදු කර ගැනීමට අපහසු කොළඹ, ජාතික අක්ෂි රෝහලේ අඩුආදයම්ලාභී රෝගීන් 18 දෙනෙක් උදෙසා අක්ෂි කාච ලබා දී ඔවුන්ගේ පෙනුම නැවත ලබා දීමට අප පුණ්‍යවන්තයන් වූවා.

අක්‍ෂි කඳවුර

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව අක්‍ෂි සායනය

විශ්ව පාරමී අඳුරෙන් එළියට සත්කාරය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඇස් පෙනීම දුර්වල නමුත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ගැනීමට හැකියාවක් නොමැති අඩු අඩුආදයම්ලාභී පවුල්වල ජනතාව උදෙසා අක්‍ෂි කඳවුරක් ඉතා සාර්ථක ලෙස  පැවැත්වූ අතර, ඒ සඳහා පාසැල් දරුවන් ඇතුළුව 230 කට අධික පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ ආකාරය අපට දැක ගත හැකි විය.

මෙහිදී වැඩිහිටියන්ගේ අක්‍ෂි පරීක්ෂා කර අවශ්‍යතාවය අනුව ඔවුන්ට උපැස් යුවල 224ක් ලබා දීම සිදු කළ අතර පාසල් ළමුන් සඳහා අක්‍ෂි පරීක්ෂා කර ඔවුන්ට අවශ්‍ය උපැස් යුවල 08ක් පසුව සකස් කර ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව, 232 ක ප්‍රමාණයකට උපැස් යුවල් ලබා දෙමින් ඔවුන්ගේ දෙනෙතට ආලෝකයක් ලබා දීමට අප භාග්‍යමත් වීමු.

අන්ධකාරයෙන් ආලෝකයට

මතුගම දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන අක්ෂි සායනය

බොහෝ විට නිතරම අපේ ඇස ගැටෙන්නේ අගනුවරට බොහෝ දුර බැහැර අති දුෂ්කර ගම්මානවල බොහෝ අග හිඟකම් මධ්‍යයයේ ජීවිත ජීවත් කරවන්නට වෙහෙසෙන පිරිස් වෙතයි. එහෙත්, අගනුවරට නුදුරෙන් පිහිටි ගම්මානවල ජීවත් වන පිරිස්ද ජීවත් වන්නට දරන්නේ අපමණ වෙහෙසකි. එවන් බොහෝ පිරිසක් ජීවත් වන මතුගම දිස්ත්‍රික්කයට අයත් ඉත්තෑපාන මාලඹේ ප්‍රදේශය ආවරණය කරමින් අක්ෂි සත්කාරක වැඩසටහනක් 2021 ජනවාරි මස 23 වන දින පවත්වන්නට විශ්ව පාරමී අප කටයුතු කරනු ලැබුවා.

එදින ඇස් පරීක්ෂා කළ 112 දෙනෙක් අතුරින් 56 දෙනෙක් සඳහා සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීමට තෝරා ගනු ලැබුවා. මේ අතරින්, රෝගීන් 31 දෙනෙක් 2021 ජනවාරි 31 වන දින පානදුර සිංහ අක්ෂි රෝහල වෙත රැගෙනවිත් අක්ෂි සැත්කම් සිදු කොට අක්ෂි කාච බද්ධ කිරීමත් ඉතා සාර්ථකව සිදු කරන ලදී. 

නිකවැව සායනයේ අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම

පසුගිය දෙසැම්බර් මස 12 වන දින නිකවැව ප්‍රදේශයේ සිදු කළ අක්ෂි සායනයේදී හඳුනාගත් රෝගීන්ගෙන් තවත් රෝගීන් 28 දෙනෙක් සඳහා ජනවාරි මස 26 වන දින කඩවත සිංහ රෝහලේදී අක්ෂි කාච බද්ධ කිරීම සාර්ථකව සිදු කරන ලදී.

මෙත් සිත් පෙරදැරිව පින් සිත් වඩන්නට සම සිතින් පෙළ ගැසුණු විශ්ව පාරමී සම සේවක මහත්ම මහත්මීන් ඇතුළුව මේ උතුම් පින් පෙළහර දැක බලා සිත් පහන් කර ගත් සියළු දෙනාටමත් මේ උතුම් පින්කමෙන් ජනිත් වන්නා වු කුසල් අනුමෝදන් වේවා..

සාදු ! සාදු !! සාදු !!!

අඳුරෙන් එලියට වැඩසටහන

ඇස්වල පෙනීම දුර්වලවූ අඩු අදායම් ලාභී පවුල්වල පාසැල් යන දරුවන් මෙන්ම වැඩිහිටියන් ඉලක්ක කරගෙන තවත් අක්ෂි සායනයක් බිබිලේ පැවැත්වූ අතර ඊට වැඩිහිටියන් 326 දෙනෙකු සහ දරුවන් 90 දෙනෙකු සහභාගිවිය. ඒ අතුරින් එවලේම කියවීමේ කන්නාඩි 277 ක් බෙදාදුන් අතර නියමිත ප්‍රමිතියට සාදාදීමට අවශ්‍ය ඇස් කන්නාඩි සාදාදීමට ළමයින් සහ වැඩිහිටියන් 139 දෙනෙකු තෝරා ගත්තෙමු.

ඊට අමතරව ඇසේ සුද මතුවූ වැඩිටිහියන් 6 දෙනෙක්ගේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්ම සඳහා මහනුවර ජාතික රෝහල වෙත යොමු කළෙමු.

වැඩිහිටි නිවාස අක්ෂි කඳවුර

දරුවෙකුට, මැස්සෙකුට වත් ලං වෙන්න නොදී තමන්ගේ ඇස් දෙකේ තියාගෙන ආදරෙන් හදපු වඩපු දරුවෝ ටිකෙන් ටික වයසට යනකොට, ඇවිද ගන්න බැරුව එක්තැන් වෙනකොට කරදරයක් කියල හිතල මහලු නිවාසෙකට ගිහින් දැම්මේ පුංචි කාලේ වැටි වැටි නැගිටින්න හදනකොට අතදුන්න අම්මා තාත්තා කියන එක ගොඩක් දරුවන්ට අමතක වෙලා. 

පැය 24 ම තමන්ගේ ඇකයේ තියාගෙන හදපු දරුවන්ට අඩුම තරමේ මාසයකට දවසක් වත් තමන්ගේ අම්මා තාත්ත ගැන හොයල බලන්න බැරි තරමටම කාර්යබහුල වෙලා. ඒත් ඒ දෙමවුපියන්ට දැනෙන දුක වේදනාව අමතක කරලා දරුවෙක්ගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉටුකරන්න විශ්ව පාරමී අපි හැමදාමත් කටයුතු කරනවා.

ඒ අනුව, අපි වැඩිහිටි නිවාස වල මවු පියවරුන් වෙනුවෙන් තවත් අලුත් වැඩසටහනක් ආරම්භ කළා. ඒ තමයි ඔවුන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන. මේ යටතේ පහුගිය මාසයේ අපි ඇස් පරීක්ෂා කරන ලද

ඇස් පරීක්ෂා කළ වැඩිහිටියන් 113 දෙනාගෙන් මවුවරුන් 16 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීමට නියම කෙරුණු අතරම, මවුවරුන් 08 දෙනෙකුගේ සැත්කම් ඉතාමත් සාර්ථකව සිදු කරන්නට අපට හැකියාව ලැබුණා. දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් වැනි රෝගී තත්වයන් මත වැඩිහිටියන් 08 දෙනෙකුගේ සැත්කම් සිදු කිරීමට නොහැකි වූ අතරම, එම රෝගයන් සඳහා ප්‍රතිකාර ලබා දෙන අතරම යම් පමණකට පාලනය වූ පසු එම වැඩිහිටියන් සඳහා ද මේ ශල්‍යකර්මයන් සිදු කිරීමටද අප බලොපොරොත්තු වෙනවා.  

මෙම සියළු ව්‍යාපෘතීය සාර්ථක කරගැනීමට විශ්ව පාරමීයට සහය වූ නිමල් මහතා ඇතුළු අක්ෂි විශේෂඥයන් කණ්ඩායමටත්, බිබිල ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍යතුමා ඇතුළු කාර්යමණ්ඩලටත් නන් අයුරින් සහයවූ සැමටත්, මෙම ව්‍යාපෘතින් සංවිධානය කල විශ්ව පාරමී කණ්ඩායම මෙන්ම විශ්ව පාරමී සෙසු සාමාජිකයන් මෙන්ම මේ කටයුතු  දැක සතුටුවූ සියළු දෙනාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා!

Latest Posts

භාෂාව තෝරන්න