Category Archive

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය | ජුනි 2024

මරණය අභියස බිය ගුලුව සිටි ජීවී කකුළුවන් 100 දෙනෙකුට අභයදානය ලබා දිම වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී සිදු කරණ ලදි.

කකුළුවන්ට අභය දානය | මැයි 2024

පරපණ නසන්නෝ එයින් සතුටු වෙති,මරණයට කැපවූ සිරුරු දරන්නෝ එයට සතුටු නොමවෙති, ගුණ දම් පුරන්නෝ මෛත්‍රී සිතින් ඔවුන්ගේ දිවි ගලවා පිරුණු සද ඇති චන්ද්‍රයා සේ චිත්ත ප්‍රමෝධය ලබන්නෝය.

කකුළුවන් මරණයෙන් මුදවාගෙන යළිත් ජීවිතය දෙන්නට විශ්ව පාරමී අප ,සෑම මසකම මෙන් මෙම වෙසක් මාසයේත් ජිනානන්ද ළමා නිවාසය අසලින් ගලා බසින කිරුළපණ ඇලට ජීවී කකුළුවන් 179 දෙනෙකු මුදා හැරියේ මේ ආකාරයටයි.  

කකුළුවන්ට අභය දානය | අප්‍රේල් 2024

ජලය තුල එහා මෙහා පිහිනමින් ජිවත්වන සතුන් අතර කකුළුවා යනු තවත් එක් සත්ව කොට්ඨාශයකි. මෙලෙස තම ජීවිතය ගත කරමින් සිටි කකුළුවන් අල්වා අලෙවි කිරීම තවත් පුද්ගල කණ්ඩායමක ජීවනෝපාය ලෙස දැකිය හැක. මෙලෙස අල්වා ගනු ලැබූ කකුළුවන් අත්පා බැද තබා වෙළඳපොළ වෙත ගෙන ගොස් අලෙවිකරනු ලබයි. අප විශ්ව පාරමී පදනම මගින් සිදු කරණ කකුළුවන් නිදහස් කිරීමේ වැඩසටහන මෙවර ද ශ්‍රී ජිනානන්ද ළමා නිවාසය අසල දී සිදු කරන ලදී.

 

කකුළුවන්ට අභය දානය | මාර්තු 2024

“ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවෝ දිය කෙලියේ” එම සැපවත් ජීවිතය අහිමිවන වෙළඳපලේ කිටි කිටියේ බැඳ සිටි කකුළුවන් 165 දෙනෙකු බැමි වලින් මුදවා වැල්ලවත්ත ජිනානන්ද ළමා නිවාසය අසලින් මුහුද දෙසට ගලා යන ඇල වෙත මුදා හැරීමට අපි කටයුතු කළෙමු.

කකුළුවන්ට අභය දානය | පෙබරවාරි 2024

බුබුළු දමමින් නටන උණු දිය බඳුනක තම අවසන් හුස්ම පොද හෙලන්නට නියම වී සිටි කකුළුවන් 125 දෙනෙකුට, තමන්ට පුරුදු ලෝකයේ නිදහසේ හුස්ම ගැනීමට හැකි ලෙස වැල්ලවත්ත ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලින් ගලා බසින කිරුලපන ඇලට මුදා හරින ලදි.

 

කකුළුවන්ට අභය දානය | ජනවාරි 2024

2024 ජනවාරි මාසය තුළ කකුළුවන් 125 දෙනෙකුට ජීවිත දානය ලබා දී ඔවුන්ට ජිවත් වීමට සුදුසු පරිසරයක් වෙත මුදා හැරීමට අප කටයුතු කරන ලදි.

කකුළුවන්ට අභය දානය | දෙසැම්බර් 2023

මරණයට කැප වූ කකුළුවන් නිදහස් කිරීමේ වැඩසටහන දෙසැම්බර් මස 17 වන  දින වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී සිදු කෙරුණි. එහිදී ජීවිතය අහිමි වීමට ගිය කකුළුවන් 298 දෙනෙකුට ජීවිත දානය ලබා දීමට හැකි විය.

කකුළුවන්ට අභය දානය | ජනවාරි 2023

තෙරක් නොපෙනෙන මහා සමුදුර, ස්වභාවධර්මයේ අගනා නිර්මාණයකි. ඒ නිර්මාණයේ අලංකාර බව තවත් වැඩි වන්නේ සමුදුර පත්ලේ වෙසෙන මුහුදු ජීවින් නිසාය. එවන් අහිංසක වූ ජිවී කොටසකගේ දිවි බේරා ගැනීමේ අරමුණින් අභය පාරමී වැඩසටහනට සමගාමීව දියත් වන තවත් පුණ්‍යමය කටයුත්තකි කකුළුවන් වෙනුවෙන් අභය දානය දීම.

කකුළුවන්ට අභය දානය | දෙසැම්බර් 2022

මෙම මාසයෙත් ජීවී කකුළුවන් 119 දෙනෙකුට අභය දානය දෙමින් ඔවුන්ව වැල්ලවත්ත ඇළෙහි මෝයකට ආසන්නයෙන් නිදහස් කිරීමට අප පුණ්‍යවන්ත වීමු.


Latest Posts

භාෂාව තෝරන්න