Category Archive

නිවාස

නිවාස

නිවාස May 25, 2022

විශ්ව පාරමී පදනමේ සැදැහැති දායකත්වයෙන් ඉදි කරමින් පැවති නාත්තන්ඩියේ  තුම්මෝදර පදිංචි, ආබාධිත නිරෝෂන් සෙනෙවිරත්න මහතාගේ නිවහනෙහි ඉදිකිරීම් සාර්ථකව නිම කල බව ඉමහත් ප්‍රීතියෙන් යුතුව ඔබට දන්වා සිටිමු. නිරෝෂන් මහත්මා ඇතුළු පවුලේ සියළු දෙනා සතුටු කදුළු අතරින් ඔවුන් වෙනුවෙන් ඉදි වූ නව නිවහනෙහි චාරිත්‍රානුකූලව පදිංචි වූහ.

සැබෑ වූ නිවාස සිහිනය

නිවාස April 7, 2020

අහස උසට ගොඩ ගැහුණු දුක් කන්දරාවත් එක්ක ජීවිතේ ගෙනියන මේ පවුලට තිබුණු කටුමැටි ගහපු පුංචි පැල්පතත් වේයන්ගේ ආක්‍රමණයට නතු වෙලා.

මේ විදියට අන්ත අසරණ වුනු මේ පුංචි පවුලට හිසට සෙවණක් ලබා දෙන්නට විශ්ව පාරමී අපි ඉදිරිපත් වුණා. ඒ අනුව, පසුගිය අගෝස්තු මාසේ සුභ මොහොතකින් වැඩ ඇරඹු මේ පුංචි නිවහනේ සියලු වැඩ ඉතාමත් ඉක්මණින් අවසන් කොට මේ අයට ලබා දෙන්නටයි අප සැමගේ බලාපොරොත්තුව වූවේ.

ඔවුන්ගේත්, අප සැමගේත් බලාපොරොත්තු ඉටු කරමින් කටුක කර්කශ මහ පොළොව සමග ගැටෙමින් ජීවිතය දිනන්නට වෙර දරන මේ පුංචි පවුලට සිහිනයක්ම වුණු “නිවස” ඉතාමත් කෙටි කලකින් සැබෑවක් කර දෙන්නට විශ්ව පාරමී පදනමේ අප සමත් වුණෙමු.

මොනරාගල කොටියාගල පදිංචි චන්දිමා ශාන්ත නන්දනී වන මේ දියණියත් ඇගේ නැඟෙනියත් මවත් හිනා වෙලා හිටියට හදවතින්ම හිනාවෙන්න පුළුවන් විදියේ කිසිම දෙයක් ඔවුන්ට නෑ කියල මේ නිවසට එන ඕනෙම කෙනෙකුට දැකගන්න පුළුවන්. එල්.ටී.ටී.ඊ ප්‍රහාරයකින් පියා අහිමි මේ දරුවෝ දෙන්නගේ එකම ආරක්ෂකයා වුනු කරුණාවතී මහත්මියත් දරුණු වකුගඩු රෝගියෙක්.

ඔවුන්ගේත්, අප සැමගේත් බලාපොරොත්තු ඉටු කරමින් කටුක කර්කශ මහ පොළොව සමග ගැටෙමින් ජීවිතය දිනන්නට වෙර දරන මේ පුංචි පවුලට සිහිනයක්ම වුණු “නිවස” ඉතාමත් කෙටි කලකින් සැබෑවක් කර දෙන්නට විශ්ව පාරමී පදනමේ අප සමත් වුණෙමු.

Latest Posts

භාෂාව තෝරන්න