ශ්‍රී දළදා වන්දනාව

  2,409 views
Religious-Sites-in-Kandy

ශ්‍රී නාථ දේවාලය

මහනුවර ශ්‍රී නාථ දේවාලය ප්‍රතිසංස්කරණ කොට පූජා කිරීමට 2017 අප්‍රේල් මස විශ්ව පාරමී පදනමේ අපට හැකිවිය

ඉන් නොනැවති විශ්ව පාරමී පදනම ශ්‍රී දළදා මන්දිරයේ දළදා වහන්සේ තැන්පත්කොට ඇති වැඩසිටින මාළිගයේ පිවිසුම් දොරටුව ප්‍රතිසංස්කරණය කොට රන් අලේප කොට පූජා කිරීමට අවස්ථාව උදාවූ අතර එම කටයුත්ත මහනායක තෙරණුවන්ගේ අනුශාසනා සහ අධීක්ෂණය යටතේ බලාපොරොත්තුවූ අයුරින්ම ප්‍රතිසංස්කරණය කොට පුජා කිරීමට 2017 ජූනි මස හැකිවීම මහත් භාග්‍යකි. මෙම මහා පිංකම ධම්ම පාරමී සහ විශ්ව පාරමී පදනම් වෙත ලබාදීමට අවස්ථාව උදාකරදුන් අපගේ කල්‍යාණ මිත්‍ර පුජ්‍ය අංපිටියේ ශ්‍රී චන්ද්‍රජෝති ස්වමිනහන්ස මෙත් සිතින් සිහිපත් කරන්නෙමු.

මෙම පිංකම අවසාන කරමින් එය පූජාකිරීමට ශ්‍රී දළදා මාළිගාවේ ජුනි මස 23 හවස තේවාව සහ 24 වැනිදා දහවල් තේවාව ධම්ම පාරමී සහ විශ්ව පාරමී සාමාජිකයන් වෙත භාරවූ අතර එය වත් පිළිවෙත් අනුව ඉටුකර, දළදා භාරකත්වය හිමි අස්ගිරි සහ මල්වතු මහා විහාරස්ථානවල ස්වමිනහන්සේලා 50 නමකට දිවා දානය දළදා මාළිගාවේ දානශාල පරිශ්‍රවයේදී ඉතා උසස් අයුරින් සිදුකිරිමටද අවස්ථාව උදාවිය.

විශ්ව පාරමී පදනම විසින් සිදුකරන ලද මෙම මහා පුණ්‍ය කටයුත්ත බුදුදහමේ අර්ථයන් චිරාත් කලක් ආරක්ෂාවීම පිණිසම හේතු වේවා!    

සියළු දෙවියෝදා සාධු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා!

සාදු! සාදු! සාදු!


Latest Posts

භාෂාව තෝරන්න