Category Archive

වෛද්‍යාධාර

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට වෛද්‍යාධාර ලබා දීම.

දරුණු රෝගාබාධ වැළඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් දිනෙන් දිනම ඉහළ ගියත්, ඊට සාපේක්ෂව රෝහල් තුළ පවතින සම්පත් ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන්ගේ ජීවිත රැක දෙන්නට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රුමයක් දැරිය යුතුයි. එලෙස, කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය වූ මල්ටිපාරා මොනිටර් එකක් (Multipara Monitor) සහ පෝර්ටබල් සකර් යන්ත්‍රයක් (Portable Sucker Machine) 2020 අගෝස්තු මාසයේදී ලබා දී දස දහස් ගණනක් රෝගීන්ගේ සුව සහනය සදන්නට විශ්ව පාරමී පදනම දායකත්වය ලබා දුන්නා.

වෛද්‍ය සත්කාර – අගෝස්තු මාසය

වෛද්‍යාධාර

දරුණු රෝගාබාධ වැළඳුනු වකුගඩු රෝගීන් 02ක් සඳහාත්, හදවත් රෝගීන් 05 දෙනෙක් සඳහාත්, කොඳු ඇටපෙළ ඇද වීමේ රෝගයෙන්, පිළිකා සහ අක්මා රෝගයන්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් තිදෙනෙක් සඳහාත් වෛද්‍යාධාර ලබා දී ඔවුන්ව සුවපත් කරන්නට ගෙවුණු අගෝස්තු මාසයේදී අප දායකත්වය ලබා දුන්නා.  

කොවිඩ් – 19 එරෙහිව වෛද්‍ය සත්කාර

කෘතිම ශ්වසන යන්ත්‍ර සඳහා දායකත්වය

ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට නොහැකි වූ දහසකුත් දෙනෙක් දරුණු කොරෝනා වෛරසයට තම ජිවිතයෙන් වන්දි ගෙවා මේ වන විටත් අවසන් ගමන් ගොසිනි.

එමෙන්ම, මේ මොහොතේ දැඩිසත්කාර ඒකක වල ජීවිතයත් මරණයත් අතර තියුණු සටනක යෙදෙන රෝගීන්ට එකම පිළිසරණ කෘතිම ශ්වසන ආධාරකයයි. දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය කෘතිම ශ්වසන යන්ත්‍ර ඉතාමත් ඉක්මනින් සපයා දීමේ අරමුණින් අප රට තුළ මෙම කෘතිම ශ්වසන යන්ත්‍ර (ventilator machine) නිෂ්පාදනය අරඹන්නට කටයුතු කළ අතර එම උපකරණ මිලදී ගැනීමට IDH මූලික රෝහල සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සඳහා දායකත්වයක් ලබා දෙන්නට විශ්ව පාරමී පදනම කටයුතු කලේ වටිනා ජිවිත රැසක් බේරා ගැනීමේ සහ දේශීය නිෂ්පාදනය අගය කරමින් ඔවුන්ට ශක්තියක් වීමේ උතුම් චේතනාවත් පෙරදැරිවයි.

විශේෂිත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල

අති භයානක කොරෝනා රෝගය ආසාදිත වූ රෝගීන් සමඟ ඍජුවම සම්බන්ධ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍ය වන විශේෂිත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල (PPE Kit) අවශ්‍ය බව දන්වා රෝහල් රැසකින් ඉල්ලීම් විශ්ව පාරමී වෙත  එන්නට වූයේ විශ්ව පාරමී පදනම යනු ජාති ආගම් කුලමල දේශපාලන බේදයකින් තොරව රට පත්වන සෑම ව්‍යසනයකදීම සම සිතින්,වගකීමකින් සැමටම පිහිටවන බව පසක් කරගත් විශ්වාසයෙන් බව ඔබට පවසන්නේ මෙත් සිතිනි.

එම විශ්වාසය අරුත් ගන්වමින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, වැලිසර ළය රෝහල, රාගම ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත එම ඇඳුම් කට්ටල ලබා දෙන්නට කටයුතු කළ ආකාරයයි මේ.

මෙම විශේෂිත ඇඳුම් කට්ටල රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම කොරෝනා ආසාදිතයන් සොයා ගම් දනව්  වල සැරිසරන මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිළධාරීන් වෙනුවෙන්ද මෙම ඇඳුම් කට්ටල අත්‍යවශ්‍ය බව ඔවුන් දන්වා සිටියත් ඒවා සපයා ගන්නට නොහැකි වූ රාගම, වත්තල, කැලණිය යන ප්‍රදේශ වල සේවයෙහි නියුතු මහජන සෞඛ්‍යපරීක්ෂක මහතුන් වෙත මෙම ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලබා දෙන්නට විශ්ව පාරමී අප ඉදිරිපත් වුණා. රැය දහවල් නොතකමින් තම ජිවිත අවධානමද නොතකා රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂණ මහතුන් අප ලබා දුන් එම ඇඳුම් කට්ටල පිං දීමෙන් යුතුව බාර ගත් ආකාරයයි මේ.

මෙම දරුණු කොරෝනා රෝගය හේතුවෙන් පීඩාවට  පත්ව සිටින බොහෝ පිරිසකට සුව සහනය සදන්නට කටයුතු කිරීමෙන් එක් රැස් වුණා වූ මේ උතුම් පිං ඔබ අප සෑම සියළු දෙනාහට අනුමෝදන් වීමෙන් නිදුක් නීරෝගී චිර ජීවනයම උදා වේවා ! ! !

ඖෂධ ලබාදීම

එකමුතුව එකාවන්ව සමඟියෙන් සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ යුගය නිමා කොට, ජාති ආගම් පවුරු පදනම් වලින් බෙදී වෙන් වුණුදා පටන් අපගේ මේ මාතෘ භූමිය ලෙයින් නැහැවී ගිය වාර නම් අනන්තයි.   

එලෙස වෛරයෙන්, ක්‍රෝධයෙන්, පළිගැනීමේ චේතනාවෙන් උතුම් මනුෂ්‍යත්වයට නිගරු කළ දරුණු ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ප්‍රහාරයට ගොදුරු වූ අපේම සහෝදර සහෝදරියන් ඇතුළු මවු පියවරුන් දූ දරුවන් වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්නට විශ්ව පාරමී අප ගත් තවත් උත්සායකි මේ…. 

අප්‍රේල් 21 වන දින මඩකලපුව ප්‍රදේශයේ කුරිරු ත්‍රස්තවාදී  ප්‍රහාරයට ලක්ව දරුණු ලෙස තුවාල ලබා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත රැගෙන ගිය අසාධ්‍ය වූ ඔවුන් සඳහා අවශ්‍ය කරන ඖෂධ රෝහල තුළ හිඟ වූ නිසා ඔවුන්ගේ ජීවිත බේරා ගන්නට එම ඖෂධ ඉතාමත් ඉක්මණින් අවශ්‍ය බව 23 වන දින රෝහල් කාර්ය මණ්ඩලය අප වෙත දැනුම් දුන් අතර, එදිනම සවස එම සියලුම ඖෂධ සපයා දීමට  අපට හැකියාව ලැබුණා.

එම ඖෂධ වල  අවශ්‍යතාවය කෙතරම්ද යත්, එම රෝහල බාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක තයලිනි මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් පැමිණ එම ඖෂධ භාරහෙන රැගෙන යාමට කටයුතු කළේ මේ ආකාරයෙන්.. 

රුධිර කාන්දුපෙරන අමුද්‍රව්‍ය ලබා දීම

වර්තමානය වන විට බෝ නොවන රෝග අතර දරුණු වකුගඩු රෝගයද ඉහළ යමින් පවතී. එම නිසා, ඒ සඳහා ප්‍රතිකාර ගන්නට රෝහල් කරා ඇදෙන රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නට රෝහල් තුළ පවතින සම්පත් ප්‍රමාණවත් නොවීම නිසා එම රෝගීන්  අසරණ වන්නේ කිසිවක් කර කියා ගන්නට නොහැකි වීම හේතුවෙන්.

වකුගඩු අක්‍රීය වූ පසු නැවත වකුගඩුවක් බද්ධ කිරීම හෝ ජීවිත කාලය පුරාවටම රුධිර කාන්දුපෙරනය  කිරීම අත්‍යවශ්‍යමයි. එහෙත්, රජයේ රෝහල් වල පවතින රුධිර කාන්දුපෙරන  යන්ත්‍ර  සහ අමුද්‍රව්‍ය (Dialysis consumables) ප්‍රමාණවත් නොවීම නිසා එම රෝගීන් මුදල් ගෙවා පිටතින් සිදු කර ගැනීම සඳහා යොමු කරනු ලබන්නේ ඔවුන්ව තව තවත් අසරණ කරමින්.

2009 වසර වන විට පොළොන්නරුව  මුලික රෝහලට රුධිර කාන්දුපෙරන යන්ත්‍ර ලැබී තිබු නමුත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස මාසිකව නොලැබෙන නිසා රෝගීන්ට එය පිටතින් විශාල මුදලක් ගෙවා මිලදී ගැනීමට සිදුවිණි. 

එලෙස, අසරණ වී සිටින පොළොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ පණ නල රැක දීමේ උතුම් චේතනාවන් පෙරදැරිව රුධිර කාන්දුපෙරන අමුද්‍රව්‍ය 2009 ජුනි මස සිට  පොළොන්නරුව මුලික රෝහල වෙත වසර එකහමාරක් මාසිකව  ලබා දීමට කටයුතු කළේය .   

 

ග්‍රාමීය රෝහල් වලට අත්‍යවශ්‍ය ඖෂධ

2009 වසරේ රටේ පැවති දරුණු යුද්ධයත් සමග රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වූ අතරම, එම අවශ්‍යතාවය දැනගත් වහාම ක්‍රියාත්මක වූ අප ගලෙන්බිඳුනුවැව, ගල්නෑව, පදවිය, ඔක්කම්පිටිය, කතරගම, වැනි අති දුෂ්කර ග්‍රාමීය රෝහල් වල හිඟ වූ එම ඖෂධ ලබා දීමට අප ඉදිරිපත් වුණා.. 

Latest Posts

භාෂාව තෝරන්න