සමාජයෙන් සරණක් නොමැතිව අසරණව සිටින එවන් මිනිසුන්ගේ ජිවිතයට නව බලාපොරොත්තු ඇති කරමින් ඔවුන්ගේ අවශ්‍යවතාවයන් සපයා දීම විශ්ව පාරමී පදනම විසින් කරන ලබන තවත් එක් සැදැහැවත් කටයුත්තකි.

2022 වසරේ ගෙවුණු මාසයන් තුළදී අපි ඔවුන්ගේ ඉල්ලීම පරිදි එම අහිංසක මිනිසුන් සිදු කරන  වගා කටයුතුවල, විවිද අත්කම් නිර්මාණ, විනෝදාත්මක වැඩසටහන් ඇතුළු නොයෙකුත් ක්‍රියාකාරකම් වෙනුවෙන් අවැසි සියලුම අවශ්‍යතා සපුරාලනු ලැබීය.