මේ ලෝකේ ඉන්න හැම අම්මෙකුටම තාත්තෙකුටම තියෙන වටිනාම වස්තුව තමයි තමන්ගේ දරුවෝ. මේ දරුවන් අසනීප වූ විට  අම්මලාට තාත්තලාට දැනෙන දුක වේදනාව මෙතෙකැයි කියා වචනයෙන් විස්තර කල නොහැකිය.මේ දුක වේදනාව දෙගුණ තෙගුණ වෙන්නේ  මේ දරුවන්ගේ ඖෂධ වගේම ප්‍රතිකාර කටයුතු වලට අවශ්‍ය කරන මුදල් හොයාගන්න බැරි වූ විටය.

එවන් දුක් වේදනාවන්  හොඳින්ම හඳුනන  විශ්ව පාරමිය  සුවැති දරු සරණ වැඩසටහන යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල හා ගාල්ල කරාපිටිය යන රෝහල් ත්‍රිත්වයේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය කරන මුදල් අවශ්‍ය වූ සැණින් රෝහල් වෙත ලබා දෙන්නට කටයුතු කරනු ලබනවා.

සුවැති දරු සරණ මාසික වැඩසටහන්