අපට හිමිව ඇති ජීවිතය  කෙතරම් අස්ථිරද යත්  තණ අග තිබෙන  පිනි බිංදුවකට තමයි බුදුන් වහන්සේ අපගේ ජීවිතය  උපමා කර තිබෙන්නේ. එනම්  කොයි මොහොතේ මේ ජීවිතේ අපිට අහිමි වේද කියා සිතීමට නොහැකි නිසාය .ඒ වගේම තමයි ලෝක ධර්මතාවයට අනුව අපි සන්තකයේ තියෙන හැම දේමත් එක මොහොතකින්  අපිට අහිමි වෙලා යන්න පුළුවන් බව.

ඉතින් මේ සඳහන් කරන්න යන්නේ   අපි වගේම සතුටින්  එදිනෙදා වැඩ කරගෙන ජීවත් වූ  පිරිසක් අද පත්වෙලා ඉන්න දුක්ඛිතම ඉරණමක් ගැන ය. ඒ තමයි දරුණු පිළිකා රෝගයට ගොදුරු වී  ඊට ප්‍රතිකාර ගන්න අතරේ කොණ්ඩය අහිමි වීම නිසා සමාජයට එන්නට බියෙන් සහ ලැජ්ජාවෙන් කොන් වුනු අපේම සහෝදරියන්  සහ මව්වරුන්.

ඔවුන්ගේ අසරණකම හොඳින්ම දන්න විශ්ව පාරමිය ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ පෙර තිබුණු ස්වාභාවික කොණ්ඩයට සමානව මාසිකව කෘතීම කොණ්ඩ 12 නිමවා 2018 වර්ෂයේ සිට නොකඩවා ලබාදීමට විශ්ව පරමියේ අපි කටයුතු කරගෙන යන්නේය.

කෘතීම කොන්ඩ මාසික වැඩසටහන්