Category Archive

කකුළුවන්ට අභය දානය

කකුළුවන්ට අභය දානය | සැප්තැම්බර් 2022

යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.










කකුළුවන්ට අභය දානය – අගෝස්තු 2022

මෙම මාසයේත් වෙළඳපලෙහි විකිණීමට සිටි ජීවී කකුළුවන් 183 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත කිරුළපන ඇළෙහි කලපුවට ආසන්න ප්‍රදේශය වෙත වෙත  මුදා හැරීමට හැකි විය.

කකුළුවන්ට අභය දානය – ජුලි 2022

යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර, ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් 188 දෙනෙකු මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ඔවුන්ට රිසි සේ ජීවත්විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරිනු ලැබීය.

කකුළුවන්ට අභය දානය – ජුනි 2022

මිනිසාගේ ආහාර පිණිස තම අන්තිම හුස්ම පොද දක්වා සටන් වදිමින් සිටින කකුළුවන් 224 දෙනෙකු මරණයෙන් නිදහස් කර ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරින ලදි.

කකුළුවන්ට අභය දානය – මැයි 2022

කකුළුවන් හට ජීවිත දානය ලබා දීමේ උදාර චේතනාවෙන් 2022 මැයි මස ජීවී කකුළුවන් 224 දෙනෙකුව මරණයෙන් නිදහස් කර ස්වභාවික පරිසරයට මුදා හරින ලදි.

කකුළුවන්ට අභය දානය – අප්‍රේල් 2022

මිනිසුන්ගේ ආහාර පිණිස බොහොමයක් සතුන්ට තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීම කෙතරම් ඛේදජනක ද ? මිනිසා මෙන්ම අනෙකුත් සියලුම සතුන් ද මේ මිහිතලය මත දිවි ගෙවිය යුතුය. මරණයට නියමු වූ කවරම හෝ  සතෙකුගේ ජීවිතය එයින් මුදවා ගැනීමට අප කිසිවිටෙකත් පසුබට නොවෙමු.

ඒ අනුව, මෙම මාසයේත් වෙළදපලෙහි විකිණිමට තබා සිටි ජිවී කකුළුවන් 275 දෙනෙකු මරණයෙන් නිදහස් කර ගනිමින් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට හැකි ලෙස කිරුළුපන ඇලට මුදා හළේය.

කකුළුවන්ට අභය දානය – ජනවාරි

බොහෝ සතුන් සුළු දේටත් තැති ගන්නවා, බිය වෙනවා. ඒ අතරින් වඩාත් තදින් දැනෙන්නේ මරණ බියයි.

මිනිසාගේ රස නහර පිනවීම පිණිස එසේ මරණ බියෙන් ජිවත්වන, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ විකිණීමට තබා ඇති  ජීවී කකුළුවන් 113ක් පමණ ප්‍රමාණයකට ජිවිත දානය ලබා දෙමින් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හැරීමට තුලදී විශ්ව පාරමී අපට හැකි විය.

කකුළුවන්ට අභය දානය

ගහ කොළ, සතා සිවුපාවුන් සොබා දහමේ අලංකාරයත්, විවිධත්වයත් ඇති කරන්නට කරන්නා වූ මෙහෙය නම් සුළු පටු නොවේ. එහෙත්, මිනිසුන් ආත්මාර්ථකාමී ලෙස සොබා දහමේ  හිමිකරුවා වීමෙන් අනෙකුත් ජීවින්ගේ ජීවත් වීමේ අයිතියද උදුරා ගැනීම කෙතරම් නම් ශෝචනීයද?

මේ කියන්නට සැරසෙන්නේ මිනිසුන් විසින් වධ හිංසා කොට මරණය නියම කෙරූ තවත් අහිංසක සතුන් පිරිසකට යළිත් ජීවිත දානය ලබා දුන් අපූරුතම කතා පුවතක් ගැනයි… ඒ මාසිකව විශ්ව පාරමී අප පදනමේ මහා අභය දානමය පින්කමක් වූ මරණයට නියම වූ කකුළුවන් නිදහස් කිරීමේ පුණ්‍යමය කටයුත්තයි. මේ යටතේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් මිලදී ගන්නා ජීවි කකුළුවන් වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා නිවාසය අසල පිහිටි කකුළුවන්ට ජීවත් වෙන්නට අවැසි ලවණ ජලයෙන් පොහොසත් කිරුළපන ඇලට මුදා හරිනු ලබනවා..

දින ගණනාවක් පුරා තම සිරුරටම තද කොට ගැට ගැසීම නිසා වාරුව අහිමි වූ අත් කකුල් මහපොළොව මත තබා ඇවිද ගොස් දියවන්නා ඔයේ තමන්ට රිසි සේ පිහිනා යන්නේ මරණය අභිමුවේ සිටි ඔවුන් යළිත් ජීවිතය ලද්දා වූ අප්‍රමාණ සතුටකින් නොවේද?

කකුළුවන්ට අභය දානය 

කකුළුවන්ට අභය දානය – පෙබරවාරි

රැහැන් පට වලින් අත් පා බැඳ, ජිවිතයේ අන්තිම හුස්ම වෙනුවෙන් සටන් වදින කකුළුවන්ගේ ඉරණම වෙනස් කර ඔවුන්ට ජීවත්වීමේ අයිතිය ලබා දීමට අපට හැකි වුණි. ඒ අනුව වෙලදපොලේ විකිනීමට සිටි ජීවී කකුළුවන් 378 දෙනෙක්ව ස්වභාවික පරිසරයට මුදා හළේය.

කකුළුවන්ට අභය දානය – අගෝස්තු මාසය

crab release

නිදහසේ ඇවිද යාමට තිබූ අත් කකුල් තදින් ගැට ගසා, නියත මරණය වෙනුවෙන් ගොඩ ගසා සිටි තවත් කකුළුවන් 135 දෙනෙක් සඳහා මේ අගෝස්තු මාසයේදී ජීවිත දානය ලබා දුන්නා.  

 


Latest Posts

භාෂාව තෝරන්න