කකුළුවන්ට අභය දානය

  1,603 views

ගහ කොළ, සතා සිවුපාවුන් සොබා දහමේ අලංකාරයත්, විවිධත්වයත් ඇති කරන්නට කරන්නා වූ මෙහෙය නම් සුළු පටු නොවේ. එහෙත්, මිනිසුන් ආත්මාර්ථකාමී ලෙස සොබා දහමේ  හිමිකරුවා වීමෙන් අනෙකුත් ජීවින්ගේ ජීවත් වීමේ අයිතියද උදුරා ගැනීම කෙතරම් නම් ශෝචනීයද?

මේ කියන්නට සැරසෙන්නේ මිනිසුන් විසින් වධ හිංසා කොට මරණය නියම කෙරූ තවත් අහිංසක සතුන් පිරිසකට යළිත් ජීවිත දානය ලබා දුන් අපූරුතම කතා පුවතක් ගැනයි… ඒ මාසිකව විශ්ව පාරමී අප පදනමේ මහා අභය දානමය පින්කමක් වූ මරණයට නියම වූ කකුළුවන් නිදහස් කිරීමේ පුණ්‍යමය කටයුත්තයි. මේ යටතේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් මිලදී ගන්නා ජීවි කකුළුවන් වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා නිවාසය අසල පිහිටි කකුළුවන්ට ජීවත් වෙන්නට අවැසි ලවණ ජලයෙන් පොහොසත් කිරුළපන ඇලට මුදා හරිනු ලබනවා..

දින ගණනාවක් පුරා තම සිරුරටම තද කොට ගැට ගැසීම නිසා වාරුව අහිමි වූ අත් කකුල් මහපොළොව මත තබා ඇවිද ගොස් දියවන්නා ඔයේ තමන්ට රිසි සේ පිහිනා යන්නේ මරණය අභිමුවේ සිටි ඔවුන් යළිත් ජීවිතය ලද්දා වූ අප්‍රමාණ සතුටකින් නොවේද?

කකුළුවන්ට අභය දානය 


1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න