Category Archive

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය – ජුනි 2022

මිනිසාගේ ආහාර පිණිස තම අන්තිම හුස්ම පොද දක්වා සටන් වදිමින් සිටින කකුළුවන් 224 දෙනෙකු මරණයෙන් නිදහස් කර ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හරින ලදි.

කකුළුවන්ට අභය දානය – මැයි 2022

කකුළුවන් හට ජීවිත දානය ලබා දීමේ උදාර චේතනාවෙන් 2022 මැයි මස ජීවී කකුළුවන් 224 දෙනෙකුව මරණයෙන් නිදහස් කර ස්වභාවික පරිසරයට මුදා හරින ලදි.

කකුළුවන්ට අභය දානය – අප්‍රේල් 2022

මිනිසුන්ගේ ආහාර පිණිස බොහොමයක් සතුන්ට තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීම කෙතරම් ඛේදජනක ද ? මිනිසා මෙන්ම අනෙකුත් සියලුම සතුන් ද මේ මිහිතලය මත දිවි ගෙවිය යුතුය. මරණයට නියමු වූ කවරම හෝ  සතෙකුගේ ජීවිතය එයින් මුදවා ගැනීමට අප කිසිවිටෙකත් පසුබට නොවෙමු.

ඒ අනුව, මෙම මාසයේත් වෙළදපලෙහි විකිණිමට තබා සිටි ජිවී කකුළුවන් 275 දෙනෙකු මරණයෙන් නිදහස් කර ගනිමින් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට හැකි ලෙස කිරුළුපන ඇලට මුදා හළේය.

කකුළුවන්ට අභය දානය – ජනවාරි

බොහෝ සතුන් සුළු දේටත් තැති ගන්නවා, බිය වෙනවා. ඒ අතරින් වඩාත් තදින් දැනෙන්නේ මරණ බියයි.

මිනිසාගේ රස නහර පිනවීම පිණිස එසේ මරණ බියෙන් ජිවත්වන, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ විකිණීමට තබා ඇති  ජීවී කකුළුවන් 113ක් පමණ ප්‍රමාණයකට ජිවිත දානය ලබා දෙමින් ඔවුන්ට නිදහසේ සැරිසැරීමට හැකි ලෙස ස්වභාවික පරිසරයට මුදා හැරීමට තුලදී විශ්ව පාරමී අපට හැකි විය.

කකුළුවන්ට අභය දානය – පෙබරවාරි

රැහැන් පට වලින් අත් පා බැඳ, ජිවිතයේ අන්තිම හුස්ම වෙනුවෙන් සටන් වදින කකුළුවන්ගේ ඉරණම වෙනස් කර ඔවුන්ට ජීවත්වීමේ අයිතිය ලබා දීමට අපට හැකි වුණි. ඒ අනුව වෙලදපොලේ විකිනීමට සිටි ජීවී කකුළුවන් 378 දෙනෙක්ව ස්වභාවික පරිසරයට මුදා හළේය.

කකුළුවන්ට අභය දානය – අගෝස්තු මාසය

crab release

නිදහසේ ඇවිද යාමට තිබූ අත් කකුල් තදින් ගැට ගසා, නියත මරණය වෙනුවෙන් ගොඩ ගසා සිටි තවත් කකුළුවන් 135 දෙනෙක් සඳහා මේ අගෝස්තු මාසයේදී ජීවිත දානය ලබා දුන්නා.  

 


Latest Posts

භාෂාව තෝරන්න