Category Archive

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ |කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

ලොව මිළ කල නොහැකි වස්තූන්ගෙන් එකක් තමයි දරුවන්. එවන් මිළ කල නොහැකි වස්තුවකට මෙලොව එලිය දැකීමේ මුහුරත වෙනුවෙන් දරුවාට සහ මවට ප්‍රසූතියේදී සහ ඉන් පසුවටද භාවිතා කල හැකි ද්‍රව්‍යමය ආධාර ලබා දීම අම්මාවරුනේ වැඩසටහන යටතේ සිදු කරනවා. මෙවර එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත් වුනා. මෙහිදී එම ප්‍රදේශයන් තෝරාගත් ඉතා දුගී ගැබිණි මව්වරුන් 15 දෙනෙකු වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර බෙදා දුන්නා.

අම්මාවරුනේ | රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

ජුනි මාසය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේදී අඩු අදායම්ලාභී මව්වරුන් 15 දෙනෙකු වෙනුවෙන් අම්මාවරුනේ සත්කාරය දියත් කිරීමට කටයුතු කරන ලදි.

අම්මාවරුනේ | කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

සිය රුධිරය ඉමිහිරි කිරිබිඳු  බවට හරවා තම දරුවාට පොවා ඔවුනගේ ජිවිතය පෝෂණය කරන අම්මාගේ අසීමිත වු ආදරයට සමාන වු ආදරයක් මෙලොව තවත් නැත. බුදුන් වහන්සේ ලඟට සිටින පූජනීය වස්තුව ලෙස “ගෙදර බුදුන් අම්මා” යනුවෙන් පවසන්නේත් ඒ නිසාමය. ඒ උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන මව්වරුන් වෙනුවෙන් දියත් කරනා වැඩසටහනයි අම්මාවරුනේ මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ගැබිණි මව්වරුන් 15 සඳහා දරු ප්‍රසූතියට රෝහලට රැගෙන යාමට අවශ්‍ය සියලූම ද්‍රව්‍ය ලබා දෙන ලදි. 

අම්මාවරුනේ | පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

දරන්නට දස මස කුසක් දී, පොවන්නට කිරි කර ලෙයක් දී, දිවිය කැපකොට පනසේ රැකුමට හැකි එකම ජීවමාන වස්තුව අම්මාය.

මෙවර අම්මාවරුන්ගේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල අම්මාවරු  15 දෙනකු සඳහා දරු ප්‍රසුතියට අවශ්‍යවන සහ දරුවාගේ කටයුතු සදහා අවශ්‍ය කළමනා ද්‍රව්‍ය අප විසින් බෙදා දීමට සමත් විය.

අම්මාවරුනේ | ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

මුලික අවශ්‍යතාවය වන ආහාරය, වේලක් හැටියට සපුරා ගැනීමත් අපහසු වකවානුවක, ප්‍රසුතියේදී දරුවට අවශ්‍ය සියලුම දෑ ලැයිස්තු ගත කර ලබා ගන්නා ලෙස දන්වා සිටිය දී, ප්‍රසුති මව්වරුන්ට දැනෙන අපහසුව නිවාලන්නට හැකි අපේ වැඩසටහන “අම්මාවරුනේ” වේ. ඒ අනුව, 2024 මාර්තු මස 27වන දින එම වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය  කාර්යාලයේ ඉතා සාර්ථකව නිමා කිරීමට අපිට හැකියාව ලැබුනෙමු.

අම්මාවරුනේ | ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

කුරුණෑගල දිස්ත්‍රික්කහි සිදු කළ පළමු වැඩසටහන, පෙබරවාරි මස 29වන දින, ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී, පවත්වනු ලැබිණි. දරු ප්‍රසුතියක් සඳහා මවක් විසින් සපයා ගත යුතු සියලූම ද්‍රව්‍ය, එම ප්‍රදේශයෙන් තෝරාගත් අඩුආදයම්ලාභී ගැබිණි මව්වරුන් 15 දෙනෙකු වෙත මෙලෙස ලබා දෙන ලදි.

 

අම්මාවරුනේ | දංකොටුව සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශය

දස මාසයක් තම කිරිකැටියාව කුස තුළ හොවා ගනිමින් උතුම් වූ මව්පදවිය ලැබීමට සැරසෙන මව්වරුන් වෙනුවෙන් තවත් එක් අම්මාවරුනේ වැඩසටහනක්, දංකොටුව සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශය මූලික කර ගනිමින් පෙබරවාරි මස 01 වන දින පවත්වන ලදි. එහිදී අඩු අදායම්ලාභී ගැබිණි මව්වරු 15 දෙනෙකුට දරු ප්‍රසූතිය සඳහා රෝහලට රැගෙන යායුතු සියලූම ද්‍රව්‍යත්, දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍යත් ලබා දෙන ලදි.

අම්මාවරුනේ | හලාවත සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

දරුවන් ලැබීමට සිටින අඩු අදායම්ලාභී අම්මාවරුන් වෙත ද්‍රව්‍ය බෙදා දීම වෙනුවෙන් දියත් කරනා වැඩසටහනයි අම්මාවරුනේ. මෙම මාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී, තෝරාගත් ගැබිණි මව්වරුන් 15 දෙනෙකුට දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමේදී රැගෙන යා යුතු සියලූම ද්‍රව්‍යත්, ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍යත් බෙදා දෙනු ලැබුවා.

අම්මාවරුනේ | උච්චමුනි

උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන දිළිඳු අම්මාවරුන් වෙනුවෙන්, අම්මාවරුනේ සත්කාරය පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත් උච්චමුනි දූපතේ දී පවත්වන්නට යෙදුනි. එය ධීවර කර්මාන්තය ප්‍රධාන ජිවනෝපාය කරගත් පවුල් 300ක් පමණ ජීවත්වන  ඉතාමත්  සුන්දර දූපතකි. නමුත් එහි ජනතාව ගත කරන්නේනම් එතරම්ම සුන්දර ජිවිතයක් නොවේ.

අඟ හිඟ කම් රාශියක් මැද ජිවත් වන මේ අම්මලාට අප සිදු කල මේ සත්කාරය මහත් අස්වැසිල්ලක් වූවා නොඅනුමානයි.

අම්මාවරුනේ | ආරච්චිකට්ටුව සෞඛ්‍යය වෛද්‍ය බල ප්‍රදේශය

අම්මාවරුනේ මෙවර දියත් කරනු ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව සෞඛ්‍යය වෛද්‍ය බල ප්‍රදේශය තුලයි. ගැබිණි මවක් දරු ප්‍රසූතිය සඳහා රෝහලට යාමේදී රැගෙන යා යුතු උපකරණ ලැයිස්තුවක් වෛද්‍යවරුන් විසින් නියම කරනවා. නමුත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මව්වරුන්ට එම සියලූම ද්‍රව්‍ය සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක්. බඩු මිළ අධික ලෙස ඉහල ගොස් ඇති මෙවන් කාලවකවානුවක අවම වශයෙන්  එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්වත් සපයා ගත නොහැකිව සිටින මව්වරුන් පහළොස් දෙනෙකු වෙනුවෙන් අවශ්‍ය සියලූම උපකරණ ලබා දීම මෙහිදී අප සිදු කරනු ලැබුවා.


Latest Posts

භාෂාව තෝරන්න