Category Archive

අභය පාරමී

අභය පාරමී – ජනවාරි

මිනිසා මෙන්ම අනෙකුත් සියලුම සතුන් මෙලොව එලිය දකින්නේ නිදහසේ ජිවත් වීමේ අයිතියත් ඇතිවය. නමුත් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය නිසා වර්තමානයේ බොහොමයක්  ගවයින්ගේ ජිවිත මස් පිණිස අහිමි කරනු ලබනවා. අභය පාරමී සත්කාරය යටතේ එසේ ජිවිත අහිමි වීමට නියමිත කිරි ගවයින්ව ගව ඝාතකාගාර වලින් නිදහස් කර ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල් සඳහා ලබා දී ඔවුන්ට තම ආර්ථිකය සවිමත් කර ගැනීමට අත්වැලක්  සපයමින් විශ්ව පාරමී පදනම විසින් තවත් මාසිකව සිදු කරනු ලබනවා.

ඒ අනුව, 2022 ජනවාරි මාසයේ කිරි ගවයින් මරණයෙන් නිදහස් කර ගැනීමට දායකත්වය ලබා දීමට හැකි විය.

අභය පාරමී – අගෝස්තු මාසය

මරණ මංචකයේ මරණ භයෙන් වේදනාවෙන් ජීවිතය යදින අසරණ ගවයන්ට යළිත් ජීවිතය ලබා දෙන අභය පාරමී වැඩසටහන යටතේ මේ අගෝස්තු මාසයේදී මොනරාගල දිස්ත්‍රික්කයට අයත් තණමල්විල ගව ගාතකාගාරයෙන් තවත් ගවයන් 04 දෙනෙකුගේ ජීවිත බේරා දෙන්නට අපට හැකියාව ලැබුණා.


Latest Posts

භාෂාව තෝරන්න