අභය පාරමී

  1,583 views

ජීවත් වී සිටින  සියලුදෙනාහට  හැමදේටම වඩා වටින්නේ තමන්ගේ ජීවිතය. එය  සතුන් මිනිසුන් කියා වෙනසක් නැහැ. හැමෝම කැමති තවත් දවසක් හෝ  ජීවත් වන්නටය. සත්තුන්ට වධ දීලා මරණ අයුරු    හිත් පිත් ඇති මිනිසුන්ට මොහොතක්වත් බලා සිටීමට නම් නොහැකිය.  සතුන්ට කතා කළ නොහැකි වුවත් මරණ භය දැනෙන්නේ මිනිස් සිතකට මෙන්මය.

ඒ නිසාම මරණයට නියම වෙලා ඉන්න සතුන්ට  නැවතත් ජීවිතය දෙන්න විශ්ව පාරමී අපි හැමෝම අත් වැල් බැඳ ගත්තා..  ඒ අභය පාරමී වැඩසටහන තුළින්ය . මේ යටතේ මරණ මංචකයේ මරණ භයෙන් වේදනාවෙන් විලාප දෙන ගවයන්ට යළිත් ජීවිත දානය ලබා දී මහ පොළොව සමග ගැටෙමින් ජීවිතය දිනන්නට වෙර දරන දුගී දුප්පත් පවුල් තෝරාගෙන ඔවුන්ගේ ජීවිත ගොඩනංවා ගන්නට අත්වැල සැපයීමද අපගේ අරමුණයි.

අභය පාරමී මාසික වැඩසටහන්

Latest Posts

භාෂාව තෝරන්න