අන්ධකාරයෙන් ආලෝකයට

  1,542 views

මතුගම දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන අක්ෂි සායනය

බොහෝ විට නිතරම අපේ ඇස ගැටෙන්නේ අගනුවරට බොහෝ දුර බැහැර අති දුෂ්කර ගම්මානවල බොහෝ අග හිඟකම් මධ්‍යයයේ ජීවිත ජීවත් කරවන්නට වෙහෙසෙන පිරිස් වෙතයි. එහෙත්, අගනුවරට නුදුරෙන් පිහිටි ගම්මානවල ජීවත් වන පිරිස්ද ජීවත් වන්නට දරන්නේ අපමණ වෙහෙසකි. එවන් බොහෝ පිරිසක් ජීවත් වන මතුගම දිස්ත්‍රික්කයට අයත් ඉත්තෑපාන මාලඹේ ප්‍රදේශය ආවරණය කරමින් අක්ෂි සත්කාරක වැඩසටහනක් 2021 ජනවාරි මස 23 වන දින පවත්වන්නට විශ්ව පාරමී අප කටයුතු කරනු ලැබුවා.

එදින ඇස් පරීක්ෂා කළ 112 දෙනෙක් අතුරින් 56 දෙනෙක් සඳහා සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීමට තෝරා ගනු ලැබුවා. මේ අතරින්, රෝගීන් 31 දෙනෙක් 2021 ජනවාරි 31 වන දින පානදුර සිංහ අක්ෂි රෝහල වෙත රැගෙනවිත් අක්ෂි සැත්කම් සිදු කොට අක්ෂි කාච බද්ධ කිරීමත් ඉතා සාර්ථකව සිදු කරන ලදී. 

නිකවැව සායනයේ අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම

පසුගිය දෙසැම්බර් මස 12 වන දින නිකවැව ප්‍රදේශයේ සිදු කළ අක්ෂි සායනයේදී හඳුනාගත් රෝගීන්ගෙන් තවත් රෝගීන් 28 දෙනෙක් සඳහා ජනවාරි මස 26 වන දින කඩවත සිංහ රෝහලේදී අක්ෂි කාච බද්ධ කිරීම සාර්ථකව සිදු කරන ලදී.

මෙත් සිත් පෙරදැරිව පින් සිත් වඩන්නට සම සිතින් පෙළ ගැසුණු විශ්ව පාරමී සම සේවක මහත්ම මහත්මීන් ඇතුළුව මේ උතුම් පින් පෙළහර දැක බලා සිත් පහන් කර ගත් සියළු දෙනාටමත් මේ උතුම් පින්කමෙන් ජනිත් වන්නා වු කුසල් අනුමෝදන් වේවා..

සාදු ! සාදු !! සාදු !!!


1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න