July 1, 2024 | අධ්‍යාපන

පාසල් දරුවන්ට පිරිසිදු පානීය ජලය

  42 views

අධ්‍යාපනය යනු දරුවෙක්ට දිය හැකි වටිනාම සම්පතයි. සාර්ථක අධ්‍යාපනයක් ලැබීමට නම් දරුවන්ට විෂය දැනුම පමණක් නොව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවද ඉතා වැදගත් වෙනවා. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල්වල දරුවන්ගේ යහපත් සෞඛ්‍ය උදෙසා පිරිසිදු පානීය ජලය සපයා ගැනීමට නොහැකි වීම විශාල ගැටලුවක්ව තිබෙනවා. මෙයට ජල පෙරන භාවිතයෙන් විසදුමක් ලබා ගත හැකි වුවත්, අඩුආදායම්ලාභී පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වලට එම පහසුකම් සපයා ගැනීමට හැකියවක් නෑ. ඒ අනුව විශ්ව පාරමී පදනම වෙත ලැබුණු ඉල්ලීමකට අනුව, කොටවෙහෙර කොට්ටාශයේ පිහිටි දරුවන් 25 දෙනෙකු අධ්‍යාපනය ලබන කීනව ප්‍රථමික විද්‍යාලයට ජල පෙරනයක් ලබා දීමට අප කටයුතු කලා. මේ දරුවන්ට සියලු දෙනාටම ලෙඩ රෝගවලින් තොර යහපත් අනාගතයක් උදා වේවායි අප ප්‍රර්ථනා කරමු.

Latest Posts

භාෂාව තෝරන්න