May 25, 2022 | අධ්‍යාපන

ලබා දෙන එක පොතකින් වුව එලිය කරයි මුලු ලෝකයක්

  704 views

වසර 5ක පමණ කාලයක් තිස්සේ විෂය නිර්දේශයට අදාල කිසිදු අමතර පොතක් නොමැතිව  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අබයපුර මහා විද්‍යාලයේ  සිසුන් බොහෝමයක් අනාගතය ගැන බලාපොරොත්තු අතහැර සිට ඇත. නමුත්  විශ්ව පාරමී පදනම මගින්  පුස්තකාලයට අවශ්‍යම අධ්‍යාපනික පොත් පරිත්‍යාග කිරීම මගින් අනාගතය ගැන බලාපොරොත්තු සුන් වී සිටි බොහෝ සිසු දූ දරුවන්ට නැවතත් ජීවිතය දකින්න , අනාගතය දකින්න ආලෝකයක් ලබා දීමට පුළුවන් වීම අප පදනමේ අභිලාෂයන් ඉටු වීමකි. 

එසේම කටුගස්තොට උඩුවාවෙල ප්‍රදේශයේ සියලුම දු දරුවන්ගේ දැනුම් කෙත අස්වද්දන්නට මහඟු පිටුවහල වන ස්ථානයක් වන උඩුවාවෙල පුරාණ රජ මහා විහාරයේ පුස්තකාලයට අඩුපාඩුවක්ව පවතින පොත්පත් රාශියක් පරිත්‍යාග කරමින් ඔවුන්ගේ දැනුම තව තවත් වර්දනය කරන්නට දායකත්වය ලබා දීමට අපට හැකියාව ලැබුණි.

මාවනැල්ලේ පිහිටා ඇති හීනටිපන කණිෂ්ට විද්‍යාලය සහ උඩුව ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට හැකි විය.

Latest Posts

භාෂාව තෝරන්න