අභය පාරමී
මරණය අප කාහටත් බිය උපදවයි. අපි කවුරුත් කැමති නෑ තව කෙනෙක් අපේ ජීවිතය අහිමි කරනවට. ඒ වගේම තමයි අනෙක් සතුනුත්. අපි වගේම තමන්ගේ ජීවිතයට ආදරෙයි. ඒත් මිනිසුන් වන අප කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය නිසා අහිමිවන ජීවිත ගණන අති විශාලයි. එලෙස මරණය අභියස සිටි ගවයින් මරණයෙන් නිදහස් කිරීමේ පුණ්‍යකර්මයට දායක වෙන්න විශ්ව පාරමී අප පිංවන්ත වුනා. ඒ අනුව 2023 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී කිරි ගවයින් සය දෙනෙකුට ජීවිත දානය ලබා දීමට හැකි විය.
මරණය යනු මෙලොව වසන සියලු දෙනාටම පොදු ධර්මතාවයකි. සියලූම සත්වයෝ මරණය බියයි. නොසිතූ විරූ ලෙස කවුරුන් හෝ අපව මරණයට පත් කිරීමට පැමිණෙන විට අපට ඇතිවන්නා හා සමානම බියක් අනෙකුත් සතුන්ටද ඇති වේ. නමුත් මිනිසුන් එය නොතේරුම් ගන්නවා මෙන්ම අසරණ සතෙකුගේ මරණය තමන්ගේ සතුට කර ගනිමින් ඒ මහා පාප කර්මයේ විපාකය කොයිතරම් ද යන්න මොහොතකටවත් කල්පනා නොකරයි. එසේ තම රස නහර පිනවීම සඳහා ගවඝාතකාගරවල මරණයට කැප වී සිටි කිරි එළදෙනුන් සිව්දෙනෙකුට මෙලෙස අභය දානය ලබා දුනි.
මෙලොව එලිය දකින සෑම ජීවියෙකුටම මේ මිහිකත මත ජීවිත් වීමේ අයිතියක් ඇත.එබැවින් මනුෂ්‍යන් ලෙස අපගේ වගකීම විය යුත්තේ ඒ අනෙක් ජීවින්ගේ ජීවිත ආරක්ෂා කිරීමයි. අභය පාරමී සත්කාරය යටතේ එසේ ජීවිත අහිමි වීමට නියමිත කිරි ගවයින් සය දෙනෙකු ගව ඝාතකාගාර වලින් නිදහස් කර ඔවුන්ට ජීවත් වීමට ඉඩහසර සලසා දීමට විශ්ව පාරමී අප කටයුතු කරනු ලැබුවා.
ගිතෙල්, මී කිරි ,එළ කිරි යන පස්ගෝරසයෙන් කුඩා දරුවාගේ පටන් මහල්ලෙකු දක්වාම අපව පෝෂණය කරමින්, ඉවතලන පොහොරින් වගාවන් සරුසාර කරමින් මිනිසාට මහඟු සේවාවක් සැපයුවත් ඒ සියල්ල පසෙකලා මුදල් තණ්හාවට සහ ඇතැමෙක්ගේ රස නහර පිනවීම සඳහා ඔවුන්ගේ ජීවිතය මස් පිණිස අහිමි කිරීම කෙතරම් පාපතර ක්‍රියාවක්ද ?
එසේ ගව ඝාතකාගාරවල තම මරණය පෙනී පෙනී භයෙන් තැති ගනිමෙන් සිටින කිරි එළදෙනුන් 5 ක් මරණයෙන් නිදහස් කර අඩු අදායම්ලාභී පවුල් වල ආර්ථිකය සවිමත් කිරීමේ උතුම් අරමුණෙන් බුත්තල ප්‍රදේශයේ පවුල් 5ක් සඳහා එම කිරි එළදෙනුන්ව ලබා දීමට අප පුණ්‍යවන්ත විමු.
ජීවත් වී සිටින සියලුදෙනාහට හැමදේටම වඩා වටින්නේ තමන්ගේ ජීවිතය. එය සතුන් මිනිසුන් කියා වෙනසක් නැහැ. හැමෝම කැමති තවත් දවසක් හෝ ජීවත් වන්නටය. සත්තුන්ට වධ දීලා මරණ අයුරු හිත් පිත් ඇති මිනිසුන්ට මොහොතක්වත් බලා සිටීමට නම් නොහැකිය. සතුන්ට කතා කළ නොහැකි වුවත් මරණ භය දැනෙන්නේ මිනිස් සිතකට මෙන්මය.
ඒ නිසාම මරණයට නියම වෙලා ඉන්න සතුන්ට නැවතත් ජීවිතය දෙන්න විශ්ව පාරමී අපි හැමෝම අත් වැල් බැඳ ගත්තා.. ඒ අභය පාරමී වැඩසටහන තුළින්ය . මේ යටතේ මරණ මංචකයේ මරණ භයෙන් වේදනාවෙන් විලාප දෙන ගවයන්ට යළිත් ජීවිත දානය ලබා දී මහ පොළොව සමග ගැටෙමින් ජීවිතය දිනන්නට වෙර දරන දුගී දුප්පත් පවුල් තෝරාගෙන ඔවුන්ගේ ජීවිත ගොඩනංවා ගන්නට අත්වැල සැපයීමද අපගේ අරමුණයි.