විශ්ව පාරමී තාරුණ්‍ය

  2,725 views

විශ්ව පාරමී පදනමට අවුරුදු 10ක් සපිරිණු මොහොතේ එහි අධීක්ෂණය යටතේ විශ්ව පාරමී නම් වූ මහා වෘක්ෂයේ නව අංකුරයක් ලෙස බිහිවූ යොවුන් විශ්ව පාරමී කණ්ඩායම විශ්ව පාරමි යේ පියසටහන් පසුපසම ගමන් කිරීමේ අරමුණින් 2018 සැප්තැම්බර් මස පිහිට වූ බව මෙසේ සටහන් කරමි.   

එහි ප්‍රථම සමාජ සත්කාරය ලෙස රුක් රෝපණ වැඩසටහන සැප්තැම්බර්  මස ආරම්භ කරන ලද අතර, ප්‍රථම අදියර ලෙස අපගේ ආධ්‍යාත්මික නිකේතනය වන නාත්තන්ඩිය අරණ භාවනා මධ්‍යස්ථානයේ කුඹුක් ගස් රෝපණය කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී.

නිරතුරු සිටවමු තුරුලිය – රැකගමු සැමගේ ජිවය

විශ්වපාරමී තරුණ ජවය  – තැන තැන ඉන්දමු තුරුලිය

11 දෙනෙකුගෙන් සමන්විත විශ්වපාරමි තාරුණ්‍ය කණ්ඩායම 29 වන සෙනසුරාදා දින නාත්තන්ඩිය අරණ භාවනා මධ්‍යස්ථානයේ එළි කරන ලද බිම් කොටස් සියල්ල ආවරණය වන පරිදි පැළ සිටුවීම සඳහා අවශ්‍ය සියළු වලවල් කපා නිම කරන ලදී. වෙහෙසකර වූ එම වැඩසටහනින් පසු තරුණ ගත සිත සුවපත් කරගැනීමට ඉතාමත් අනර්ඝ වූ භාවනා වැඩසටහනකට සගභාගී වීමට ද අපි භාග්‍යවන්තයන්  වූවෙමු.

දෙවන දිනයේ උදෑසන සිට කුඹුක් පැළ සිටුවීම ආරම්භ  කරන ලද අතර බලාපොරොත්තු වූ මට්ටම ද අභිබවමින් පැළ 88 ක් රෝපණය කිරීමට අපි සමත් වූයෙමු.

මතු දිනෙක නාත්තන්ඩිය  භාවනා මධ්‍යස්ථානයට පියනගන විට කුඹුක් වනයේ සිසිල, එදා  නැඟුනු කරගැට වල වේදනාව හා අව් රශ්මියේ කටුක බව අපට මිහිරක් වනු නොඅනුමානය. අප කල මහඟු  සමාජ සත්කාරයේ මිහිරි ප්‍රතිඵල  විඳ, දැක බලා  සතුටු වන්නට ඔබ අප සැමට වාසනාව ලැබෙනු ඇත.

යොවුන් විශ්ව පාරමියේ ඉදිරි සමාජ සත්කාර කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමටත්, විශ්ව පාරමී තේමාව මුලික කරගනිමින් යොවුන් අපගේ  ජිවිතයේ වටිනාම කාලය අධ්‍යාත්මික ගුණ වගාවන්ගෙන් පෝෂණය කරගැනීමටත් අපි සැම කල කුසල් ආශීර්වාදයක්ම වේවා.


1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න