විල්ගම්වෙහෙර චෛත්‍ය රාජාණන්

  3,006 views

අතීතයේ ධර්මද්වීපයක්ව පැවතුණු මේ ලක් දෙරණේ යුගයෙන් යුගයට රජ වූ රජවරුන් කරවූ දෑස් අදහාගත නොහැකි විස්මිත වෙහෙර විහාර වන්දනා කරන්නට තවමත් ශේෂව තිබීම මහත් භාග්‍යයකි. එහෙත්, වරින් වර එල්ල වූ සතුරු ආක්‍රමණ හමුවේ නටඹුන් පමණක් ඉතිරි කරමින් ඒ මහා ස්ථූප විනාශ වී ගොසිනි. එලෙස, එදා රූස්ස ගස් වලින් වැසී ගිය පස් කන්දක් වූ විල්ගම්වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ කාවන්තිස්ස රජ සමයේ ඉදි වුනු ඇති පෞරාණික ආගමික වස්තුවක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසු කාලීනව සොයා ගනී. සලකුණු පමණක් ඉතිරි වූ ඓතිහාසික විල්ගම් වෙහෙර පුද බිම යළිත් ජීවමානව නගාසිටුවීමේ මහා පිංකම 2016 වසරේ ජනවාරි මස අරඹන්නට විශ්ව පාරමි පදනම මූලිකත්වය ගනු ලැබුවා.

මිට වසර 2200 කට පෙර කාවන්තිස්ස රජ සමයේ ඉදිකළ සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑය විශ්ව පාරමී පදනම අනුග්‍රහයෙන් ශාසනාභිවෘද්ධීය පිණිස ප්‍රතිසංස්කරණය කිරීම 2016 වසරේ ජනවාරි මස අරම්භ කල අතර එම ඓතිහාසික මහා සෑරජුන්ගේ ධාතු නිධාන මහෝත්සවය 2016 මාර්තු මස19වැනිදා මහත් උත්සවශ්‍රීයෙන් සිදුවිය. එහි තැන්පත් කිරීමට විශ්ව පරමියේ මුලිකත්වයෙන් ධාතූන් වහන්සේලා හතර නම්ක් නාත්තන්ඩියේ අරණ්‍යයෙහි සිටද වැඩම කොට ධාතු නිධන මහෝත්සවයේදී භාරදුන් වබ අති ගෞරවයෙන් සටහන් කරමු.

හුණු පිරියම් කිරීම

එතැන් පටන්, ගඩොලින් ගඩොල තබා ඉතාමත් සැදැහැ සිතින් ගොඩනැඟු විල්ගම් වෙහෙර පරිශ්‍රුයෙහි වැඩකටයුතු මේ වන විට නිම වෙමින් පවතින අතරම, ඊයේ දිනට යෙදුණු සුභ මොහොතින් අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත ආලේප කිරීම අරඹනු ලැබුවේ මේ ආකාරයටයි.

ඔබ මේ දකින විල්ගම් වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉතාමත් නුදුරු දිනකදීම ශ්වේත වර්ණයෙන් බබළමින් දස දහස් ගණන් සැදැහැවතුන්ගේ උතුම් වන්දනාවට පාත්‍රු වනු ඇති.

මෙත් සිත් පෙරදැරිව, පින් සිත් වඩන්නට විශ්ව පාරමී අප දරන්නා වූ වෑයම ඔබගේ දෙනෙතින් දැක බලා සාදු සිතින් අනුමෝදන් වීමට ඔබ සෑම දෙනාටම හැකි වේවා..

සාදු !!! සාදු !!! සාදු !!!

      


Latest Posts

භාෂාව තෝරන්න