අඳුරෙන් ආලෝකයට

  1,521 views

උතුම් වූ මිනිස් ආත්මයක් ලද කෙනෙකුගේ ජීවිතය අර්ථවත්ව ගතකිරීම සඳහා උපකාර කරගත හැකි ඉන්ද්‍රියක් වූ “දෙනෙත්” කොතරම් වටිනා අවයවයක්ද යන්න ඔබ අප සියලුදෙනා දන්නා කරුණක්

එහෙත්, එතරම් වටිනා මේ දෙනෙත්,  ආබාධයන්ගෙන් පෙළුනත්, ඇස් පරීක්ෂාවක් කරගන්නට හෝ ඒ සඳහා ප්‍රතිකාර ගන්නට තරම් වත්කමක් නොවුනු බොහෝ පිරිසක් වෙනුවෙන් අක්ෂි කඳවුරු පවත්වා ඇස් කණ්නාඩි ලබා දීමත්, ඇස් වල පවතින රෝගාබාධයන් හඳුනාගෙන ඒ සඳහා යොමු කරවා නිරෝගී දෙනෙත් උරුම කර දෙන්නටත් අප කටයුතු කරනවා.

 

අත පය වාරු නැතුව, ගතින් දුබලව එක්තැන් වුණු මවු පියවරුන් බොහෝ පිරිසකට ජීවිතේ සැඳෑ සමය උරුම වුණේ වැඩිහිටි නිවාසයක පිහිට පමණයි. තමන් ආදරෙන් හදපු වඩපු දරුවන් ගැන අබ මල් රේණුවක තරම්වත් තරහක් හිතේ නොවුනු මේ මවු පියවරුන්ගේ හිත් වල තියෙන මහමෙරක් තරම් වුනු දුක තුනී කරන්නට වැඩසටහන් බොහෝමයක් මේ වන විටත් ක්‍රියාත්මක කරන්නට අපට හැකියාව ලැබුණා.

එම  වැඩසටහන් අතරතුරදී අපගේ ඇස ගැටුණු කරුණක් වූයේ  ඇස් පෙනීම දුර්වල වීම නිසා බණ පොතක් පතක් කියවගන්න තබා, තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වගෙන යන්නත් අපහසුවෙන් ඔවුන් අසරණ වී සිටින ආකාරයයි..එම නිසාම විශ්ව පාරමිය  ඔවුන් වෙනුවෙන් සෑම වැඩිහිටි නිවාසයක් සඳහාම අක්ෂි කඳවුරක් පවත්වන්නට කටයුතු  කළා.


1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න