සුවැති දරු සරණ

  2,990 views

2016 වසරේ ඇරඹු මෙමඟින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල හා ගාල්ල කරාපිටිය යන රෝහල් ත්‍රිත්වයේ ප්‍රතිකාර ලබන බිළිඳුන්ගේ ජීවිත බේරා ගැනීමේ විශ්ව පාරමී සත්කාර්යයි.

තම දෑස් මෙන් රැක බලා ගන්නා දරු පැටියන් අසනීප වූ විට මවුපියවරුන් දෙවියන් බුදුන් ළඟ පවා යදින්නේ තම කිරි කැටියා ඉක්මණින් සුවපත් කර දෙන ලෙසයි.

ළදරු ඒකකයේ බිළිඳුන් සඳහා පිටතින් ලබා ගතයුතු අත්‍යවශ්‍ය ඖෂධ මෙන්ම, කිරි පිටි ආදිය ලබා ගැනීම සඳහා සහ ළමා රෝහලේ සිදු නොකරන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ සඳහා මුදල් නොමැතිකමින් සෝ සුසුම් හෙලමින් සිටි දෙමව්පියන්ට සහනයක් වන්නට අප ඉදිරිපත් වූ අතරම, මේ බිළිඳුන්ට මුදල් අවශ්‍ය වූ සැණින් ලබා දෙන්නට අප කටයුතු කළා… එයින් පසුගිය වසර තුළදී මිලින වන්නට ගිය දැයේ මල් කැකුළු වන් ජීවිත දස දහස් ගණනින් බේරා ගන්නට අපට හැකියාව ලැබුණා.

එමෙන්ම, අප සෑම මසකම නොමේරු ළදරු ඒකකයේ වාට්ටු සඳහා අත්‍යවශ්‍යය දෑත් පිරිසිදු කර ගැනීමේ විෂ බිජ නාශක දියර (Sterillium Hand Rub) ලබා දෙන්නේ එම බිළිඳුන්ට  පිටතින් විෂ බීජ ඇතුළුවීම වැළැක්වීම සඳහායි.

මේ සියළුම කර්තව්‍යන් සෑම මසකම සිදු කෙරෙනා අතරේ, ඔක්තෝම්බර් මාසයේදී ඉතාමත් සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් යොමු වන්නටද අපට අවස්ථාව ලැබුණා…. ඒ කාසල් වීදියේ කාන්තා රෝහලේ නොමේරු ළදරු ඒකකයට විශාල අඩුපාඩුවක්ව පැවති පහත ඔබ මේ දකින “ Air Incu i ” මැෂින් 04 ක් පරිත්‍යාග කිරීමයි.  

නොමේරු ළදරු ඒකකයේ දරුවන් සඳහා අත්‍යාවශ්‍යම මෙම විශේෂ උපකරණය නොමැති වුවහොත් අලුතින් උපදින කිරිකැටියන්ගේ ජීවිත බේරා ගැනීමට කොහෙත්ම හැකියාවක් ඇත්තේ නැහැ.

කාසල් රෝහලේ වෛද්‍ය සමන් කුමාර මහතා සුබෝධී ස්වාමීන් වහන්සේගෙන් කරන ලද ඉතාමත් සංවේදී ඉල්ලීම අපගේ කන වැකුණු විගසම ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු කළ අතර, මේ දෙසැම්බර් මාසයේදී එම උපකරණ රෝහල වෙත ලබා දීමටද කටයුතු කළා. අද හෙට පමණක් නොව මතු අනාගතයේත් දස දහස් ගණනක් බිළිඳු ජීවිත වලට පණ පොවන්නට මෙම උපකරණ ජීවය ලබා දෙන බව නම් නිසැකයි.


2 Comments

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න