Category Archive

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ | බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

ඔක්තෝම්බර් 2022

මෙලොව එළිය දකින කිරි සුවඳැති බිළිඳා දුටු පමණින් තම ලෙය කිරට හැරවීමට තරම් මවකගේ ආදරය, සෙනෙහස අප්‍රමාණය. ජීවිතයේ අප්‍රමාණ කම්කටුලු හා දුක් වේදනාවන් හිසින් දරාගෙන ඒ උත්තරීතර මව් පදවිය ලැබීමට සැරසෙන ගාල්ල, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල්වල අම්මාවරුන් පහළොස්දෙනෙකු වෙනුවෙන් අම්මාවරුනේ සත්කාරය දියත් කරන ලදී.

අම්මාවරුනේ | හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

සැප්තැම්බර් 2022

මවකගේ ආදරය, සෙනෙහස මෙලොව ඇති කිසිඳු දෙයකට සම කල නොහැකිය. ඒ උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන ගාල්ල හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ගැබිණි මාතාවන් 15 දෙනෙකු තෝරාගෙන මවට  සහ දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරුණි.

අම්මාවරුනේ | බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

අගෝස්තු 2022

මෙවර අප වැඩසටහන පැවැත්වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය​ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුලය. එම ප්‍රදේශයේ වෙසෙන අඩුආදායම්ලාභී ඉතාමත් අසරණව තම ජීවිකාව ගෙන යන මව්වරුන් 15 දෙනෙකුට හා අලුත ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය සපයා දීමට අපට හැකි විය.

අම්මාවරුනේ | වනාතමුල්ල සෞඛය වෛද්‍ය බල ප්‍රදේශය

ජුලි 2022

ලොව ඇති අති දුෂ්කරම වේදනාව විඳිමින් තම රතු ලේ සුදු කිරීමට තරම් මවකගේ ආදරය සෙනෙහස බලවත්ය. ඉතින් එවැනි අම්මාවරුන් සොයා මෙවර අප ගියේ බොරැල්ල, මාතෘ හා ළමා සුබ සාධන මධ්‍යස්ථානය වෙතයි.ඉතින්, දරුවෙකු බිහි කිරීමේදී මවකට අවශ්‍ය වන ද්‍රව්‍ය හා අලුත ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය එහි සිටි බොරැල්ල, වනාතමුල්ල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභී මව්වරුන් 15 දෙනෙකු සඳහා ලබා දීමට අප කටයුතු කරනු ලැබුවා.

 

අම්මාවරුනේ – ජුනි 2022

ද සොයිසා කාන්තා රෝහල

උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන මව්වරුන් වෙනුවෙන් දියත් වන සත්කාරයයි “අම්මාවරුනේ” වැඩසටහන. මෙවර එය ද සොයිසා කාන්තා රෝහල මූලික කර ගනිමින් සිදු කල  අතර එයට පැමිණෙන අඩු අදායම්ලාභී පවුල් වල මව්වරුන් 15 දෙනෙකු සඳහා සහ අලුත ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය ලබා දීමට අප කටයුතු කරන ලදි.

 

අම්මාවරුනේ – මැයි 2022

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දික්ඔය සෞඛ්‍ය බල ප්‍රදේශයේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන දිළිඳු අම්මාවරුන් පහළොස් දෙනෙකු සහ අලුත ඉපදෙන කිරිකැටියා සඳහා අවශ්‍ය සියලූම ද්‍රව්‍ය ලබා දීමට අප කටයුතු කරන ලදි. එසේම මවගේ පෝෂණ තත්වය ඉහල නැංවීමේ අරමුණින් විවිධ ධාන්‍ය වර්ග වලින් සමන්විත පෝෂණ සලාකයක් සපයා දීමට අපට හැකි විය.

අම්මාවරුනේ – අප්‍රේල් 2022

දෙවැනි බුදුන් ලෙස – ලොවම උවම් කල

ලොවක පිදුම් ලද – ලොවට උතුම් ළඳ

අම්මා

මෙලොව ඇති සියලුම දේ මවකගේ ආදරයට යටත්ය. මවකගේ උණුසුමට, ආදරයට හා කරුණාවට සැසදීමට වෙන අන් කිසිම දෙයක් මෙලොවෙහි නොමැත. දස මාසයක් කුස තුළ හොවාගෙන ලොව ඇති අති දුෂ්කරම වේදනාව විදිමින් තම කිරිකැටියා මෙලොවට බිහි කරන්නේ අසීමිත මව් සෙනෙහස නිසාමය. එවන් උතුම් වූ මව් පදවිය ලබන්නට සැරසෙන ආර්ථික අපහසුතා වලින් පීඩිතව දිවි ගෙවන මව්වරුන් සොයා ගොස්  ඔවුන්ට උපකාර කරන්නට විශ්ව පාරමී අප සැදී පැහැදී සිටිනවා.

ඒ අනුව මෙම මාසයේත් ගාල්ලේ ඇල්පිටිය සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මව්වරුන් විසි දෙනෙකු හා අලුත ඉපදෙන කිරිකැටියාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය මෙන්ම මවගේ පෝෂණය සඳහා අවශ්‍ය ද්‍රව්‍යද ලබා දීමට අප කටයුතු කරන ලදී.

අම්මාවරුනේ – ජනවාරි

2022 ජනවාරි මස දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ගාල්ල දිස්ත්‍රික්කයේ නියම්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් මව්වරුන් 15 දෙනෙකු වෙනුවෙන්, එම මවටත්, අලුතින් උපදින කිරි කැටියාටත් අවශ්‍ය  සියලූම ද්‍රව්‍ය සපුරා දීමට හැකියාව ලැබුණි.


Latest Posts

භාෂාව තෝරන්න