Category Archive

අම්මාවරුණේ

අම්මාවරුනේ | උච්චමුනි

උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන දිළිඳු අම්මාවරුන් වෙනුවෙන්, අම්මාවරුනේ සත්කාරය පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත් උච්චමුනි දූපතේ දී පවත්වන්නට යෙදුනි. එය ධීවර කර්මාන්තය ප්‍රධාන ජිවනෝපාය කරගත් පවුල් 300ක් පමණ ජීවත්වන  ඉතාමත්  සුන්දර දූපතකි. නමුත් එහි ජනතාව ගත කරන්නේනම් එතරම්ම සුන්දර ජිවිතයක් නොවේ.

අඟ හිඟ කම් රාශියක් මැද ජිවත් වන මේ අම්මලාට අප සිදු කල මේ සත්කාරය මහත් අස්වැසිල්ලක් වූවා නොඅනුමානයි.

අම්මාවරුනේ | ආරච්චිකට්ටුව සෞඛ්‍යය වෛද්‍ය බල ප්‍රදේශය

අම්මාවරුනේ මෙවර දියත් කරනු ලැබුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව සෞඛ්‍යය වෛද්‍ය බල ප්‍රදේශය තුලයි. ගැබිණි මවක් දරු ප්‍රසූතිය සඳහා රෝහලට යාමේදී රැගෙන යා යුතු උපකරණ ලැයිස්තුවක් වෛද්‍යවරුන් විසින් නියම කරනවා. නමුත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මව්වරුන්ට එම සියලූම ද්‍රව්‍ය සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක්. බඩු මිළ අධික ලෙස ඉහල ගොස් ඇති මෙවන් කාලවකවානුවක අවම වශයෙන්  එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්වත් සපයා ගත නොහැකිව සිටින මව්වරුන් පහළොස් දෙනෙකු වෙනුවෙන් අවශ්‍ය සියලූම උපකරණ ලබා දීම මෙහිදී අප සිදු කරනු ලැබුවා.

අම්මාවරුනේ | කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ දිළිඳු ගැබිණි මව්වරුන් 15 දෙනෙකුට දරු ප්‍රසුතියේදී අවශ්‍යවන සහ ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය ලබා දෙන ලදි.

අම්මාවරුනේ | පල්ලම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශය

ලොව මිළ කල නොහැකි වස්තූන්ගෙන් එකක් තමයි දරුවන්. එවන් මිළ කල නොහැකි වස්තුවකට මෙලොව එලිය දැකීමේ මුහුරත වෙනුවෙන් දරුවාට සහ මවට ප්‍රසූතියේදී සහ ඉන් පසුවටද භාවිතා කල හැකි ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහන වන්නේ අම්මාවරුනේ වැඩසටහනයි. මෙවර එය පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත් වුනා. මෙයට එම ප්‍රදේශයේ අන්ත දුගී ගැබිණි මව්වරුන් 15 දෙනෙකු තෝරාගෙන එවන් මිලකළ නොහැකි වස්තුවකට, මිළ කල හැකි වටිනාකමකින් යුත් පරිත්‍යාගයක් කිරීමට 2023 පෙබරවාරි මාසයේදී  විශ්ව පාරමී අප විසින් සිදු කරනු ලැබුවා.

අම්මාවරුනේ | මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශය

2023 ජනවාරි මසදී පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ බොහෝ ආර්ථික අපහසුතා රාශියක් මැද්දේ ජීවත් වන අඩුආදයම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන් 15 දෙනෙකු හට දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය වන සියලූම ද්‍රව්‍ය බෙදා දෙන ලදී.

අම්මාවරුනේ |වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

දෙසැම්බර් 2022

වේදනාවල් දසදහස් ගණනක් අතරින් ලේ කිරි කර සිනාසෙන මව්වරුන්  උදෙසා සිදු කරන අම්මාවරුනේ වැඩසටහන දෙසැම්බර් මස ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුරදී පැවැත්වීය. එහිදී එම ප්‍රදේශයේ අඩුආදයම්ලාභී පවුල්වල ගැබිණි මාතාවන් පහළොස්දෙනෙකු තෝරා දරු ප්‍රසූතිය සඳහා මවක් විසින් සූදානම් කරගත යුතු සියලූම ද්‍රව්‍ය අප විසින් ලබා දීමට කටයුතු කරන ලදී.

අම්මාවරුනේ | මාගාල්ල සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශය

නොවැම්බර් 2022

ලොව ඇති අති දුෂ්කරම වේදනාව බිළිදෙකු ඉපදීමේදී කාන්තාවකට ඇතිවන වේදනාවයි. දසමසක් කුස හොවා එතරම් දුක් කන්දක් විඳදරාගෙන තම කිරිකැටියා මෙලොවට බිහිකරන්නේ ඇය කෙතරම් නම් ස්නේහයකින් වන්නට ඇතිද? ඒ අවස්ථාව වෙන තෙක් ඇය කෙතරම් නම් සිහින දකින්නට ඇතිද? පලමුවරට තම කිරිකැටියා දකිනා විට අම්මාට කොතරම් නම් සතුටක් දැනෙනවා ඇතිද? ඒ කිරි සිහින මල්ඵල ගැන්වූ අවස්ථාවක ගාල්ලේ මාගාල්ල සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මව්වරුන් 15දෙනෙකු  සමග ඒ සතුට අපටත් බෙදාගැනීමට අපට හැකි විය.

අම්මාවරුනේ | බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

ඔක්තෝම්බර් 2022

මෙලොව එළිය දකින කිරි සුවඳැති බිළිඳා දුටු පමණින් තම ලෙය කිරට හැරවීමට තරම් මවකගේ ආදරය, සෙනෙහස අප්‍රමාණය. ජීවිතයේ අප්‍රමාණ කම්කටුලු හා දුක් වේදනාවන් හිසින් දරාගෙන ඒ උත්තරීතර මව් පදවිය ලැබීමට සැරසෙන ගාල්ල, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල්වල අම්මාවරුන් පහළොස්දෙනෙකු වෙනුවෙන් අම්මාවරුනේ සත්කාරය දියත් කරන ලදී.

අම්මාවරුනේ | හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

සැප්තැම්බර් 2022

මවකගේ ආදරය, සෙනෙහස මෙලොව ඇති කිසිඳු දෙයකට සම කල නොහැකිය. ඒ උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන ගාල්ල හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ගැබිණි මාතාවන් 15 දෙනෙකු තෝරාගෙන මවට  සහ දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරුණි.

අම්මාවරුනේ | බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

අගෝස්තු 2022

මෙවර අප වැඩසටහන පැවැත්වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය​ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුලය. එම ප්‍රදේශයේ වෙසෙන අඩුආදායම්ලාභී ඉතාමත් අසරණව තම ජීවිකාව ගෙන යන මව්වරුන් 15 දෙනෙකුට හා අලුත ඉපදෙන දරුවාට අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය සපයා දීමට අපට හැකි විය.


Latest Posts

භාෂාව තෝරන්න