Category Archive

අධ්‍යාපන

පාසල් උපකරණ බෙදාදීම

අධ්‍යාපන February 10, 2020

එලෙස, ඇල්මෙන් අකුරු උගනින්නට වෙර දරනා අති දුෂ්කර ප්‍රදේශවල  දැයේ  දූ පුතුන්ගේ නැණ පහන් දල්වන්නට 2009 වසරේ ඇරඹි මෙම වැඩසටහනින් මේ වන විට දස දහස් ගණනක් වූ දූ දරුවන් පිරිසකට අඟ හිඟකම් වලින් පිරී ඉතිරීගිය ඔවුන්ගේ පාසල් ගමන නව මගකට  යොමු කරන්නට අපට හැකියාව ලැබුණා. 

අල්ලට සිඟා වත් රස නැති කැවිලි           කකා

වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්    තකා

කල් ගිය රෙදි වැරළි ඇඳ දැළි කුණෙන්    වකා

ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ         තකා

මේ යටතේ, ඈත ගම් දනවූ වල පාසල් දරුවන් සඳහා ඉගෙන ගන්නට අවශ්‍ය පාසල් බෑග්, පොත් පත්, පෑන්, පැන්සල් වතුර බෝතල්, කෑම පෙට්ටි ඇතුළු මෙකී, නොකී බොහෝ දේ වලට අමතරව, පරිගණක යන්ත්‍ර වැනි නව තාක්ෂණික දැනුම සොයා යන්නට අඩුපාඩුවක්ව පැවති ඉගෙනුම් සම්පත් ලබා දෙන්නටත්,

කැකුළු සිත් වල උතුරා ගිය අහිංසක සතුට

ශ්‍රී පියතිස්ස මූලික පිරිවෙන හා අනුබද්ධ ව පවත්වා ගෙන යන බෝපාගොඩ අනුර විද්‍යාලයේ දරුවන් 100කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරනු ලබයි.

කිසිදු ජාති, ආගම් භේදයකින් තොරව, සිංහල, දෙමළ, කතෝලික හා මන්ද මානසික ආබාධිත දරුවන් පිරිසකට අධ්‍යාපනය ලබා දෙන මේ පාසලේ ගුරු භවතුන්ට සහ දෙමවුපියන්ට මේ දරුවන්ගේ පූජා භූමි නරඹන්නට තිබුණු සිහිනය ඉටු කර දෙන්නට තරම් ශක්තියක් නොවුනු බැවින්, එම සිහිනය ඉටු කර දෙන්නට විශ්ව පාරමී අපි ඉදිරිපත් වුණා.     

නාවලපිටිය ධර්මරත්න විද්‍යාලය

අධ්‍යාපන September 7, 2019

පසුගිය මාසයේදී අධ්‍යාපන ආධාර ලබා දුන් නාවලපිටිය ධර්මරත්න විද්‍යාලයේ දූ පුතුන් සඳහා වේදිකා තිර රෙද්දක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූති කොට ඔවුන් අප වෙත එවන ලද ලිපියයි මේ. එහි මෙසේද සඳහන් වේ.

“වත්මන් දරුවන්ට පමණක් නොව මතු දූ දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා විශ්ව පාරමී පදනම මගින් පිරිනමන ලද වේදිකා තිර රෙද්ද ප්‍රදානය අප විද්‍යාලයීය පාසල් ප්‍රජාවේ සියලු දෙනා භක්ත්‍යාදරයෙන් පිළිගන්නා ලද්දෙමු. එය අප ලද භාග්‍යමත් තිළිණයක්ම විය.

අපගේ ඉල්ලීමට අනුව, මේ තිළිණය ලබා දෙන්නට එක් වූ විශ්ව පාරමී පදනමේ කළමණාකාරීත්වයට හා නිළධාරී මඩුල්ලට, සාමාජික මහත්ම, මහත්මීන්ට ගෞරවනීය ස්තූතිය පිරිනමන්නෙමු.  මෙවන් සමාජ සත්කාරක සේවා මතුවටත් ශ්‍රී ලාංකීය ප්‍රජාවට ලබා දෙන්නට විශ්ව පාරමී පදනමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරන්නෙමු… 

ශ්‍රී සුබෝධ කනිෂ්ඨ විද්‍යාලය

කටුක කර්කශ පොළොව සමඟ ගැටෙමින් ජීවිකාව සරි කර ගන්නා දෙමාපියන් පිරිසකගේ දරුවන් වූ, මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී සුබෝධ කනිෂ්ඨ විද්‍යාලයේ මේ දරුවන්ගේ අඟ හිඟකම් වලින් පිරී ඉතිරීගිය පාසල් ගමන නව මඟකට යොමු කරන්නට පසුගිය මාර්තු මාසයේදී අප ගත් උත්සාහයයි මේ….

අලුත්ම පොත් පත්, පෑන් පැන්සල්, වතුර බෝතලයක්, කෑම පෙට්ටියක් ආදීයෙන් පිරුණු අලුත්ම බෑගයක් ලබා ගන්නටයි මේ දරුවන් දෑස් දල්වාගෙන බලා සිටින්නේ..

අපගේ තිළිණ ලද ඔවුන්ගේ සිත් සතුටින් පිරී ඉතිරී යන අයුරු අපගේ කැමරාවේ සටහන්

වූයේ මේ අකාරයටයි.

දයාබර දූ පුතුනි, නැණවත් බවත් ගුණවත් බවත් සම සමව දරන්නට ඔබ සැමට මේ තිළිණ ආශිර්වාදයක්ම වේවා…


Latest Posts

භාෂාව තෝරන්න