විශ්ව පාරමී ගැන

පින් කෙතක සටහන

විශ්ව පාරමී යනු ආගම්, ජාති, කුල බේදයකින් මෙන්ම, දේශපාලනික සහභාගිත්වයකින් තොරව මෙත් සිතින් ශ්‍රී ලාංකික ජනයා වෙත සෙත සලසමින් නිහඬව ඉදිරියට ගමන් කරන ශ්‍රී ලාංකික සංවිධානයකි.
2008 ජුනි මස පළ වැනිදා විශ්ව පාරමී පදනමක් වශයෙන් බිහි වන්නේ ඊට ම ආවේණික වූ කරුණු කාරනා කීපයකට මුල් තැන දෙමින්ය. ඒවා නම්;

අයිතිකාරයෙක් මෙන්ම  සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක් නැති වීම. මෙය ක්‍රියාත්මක වන්නේ මාසිකව පත් වන එක් නිලධාරියෙක් සහ ඔහුට සහය වන 4 දෙනෙකුගේ කණ්ඩායමක් මගින් ය. එම නිලධාරියා ‘සේවක’ ලෙසත් සහකයන් ‘උප සේවකයන්’ ලෙසත් අප හඳුන්වන අතර සෙසු සාමාජිකයන් ‘සම සේවකයන්’ ලෙසත් හඳුන්වනවා.

මීට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ස්ථිර තැන්පත් ගිණුමකින් මාසිකව ලැබෙන ආකාරයට කටයුතු සලසා ඇති අතර කිසිම මුදලක් හෝ වෙන යමක් විශ්ව පාරමී වෙත පිටතින් ලබාගැනීමට විශ්ව පාරමී ව්‍යවස්ථාවේ අවස්ථාව දී නොමැති බව ද මෙසේ සටහන් කරමු.

උදව් උපකාර අවශ්‍ය ශ්‍රී ලාංකාවේ දුෂ්කර පළාත් වල අඩු පහසුකම් සහිතව ජිවත්වන හුදී ජනයා වෙත මෙත් සිතින් සිදු කරන ක්‍රියාකාරකම් සියල්ල ලාභ ප්‍රයෝජනයක් හෝ කීර්තිනාමයක් නො පතා අපගේ හෘද සාක්ෂියට එකඟව ඉටුකිරීමට බැඳී සිටිමු.

විශ්ව පාරමී ආ ගමන් මග ආපසු හැරී බැලීමේදී හදවතට දැනෙන ප්‍රබෝධය මෙතකැයි කිව නොහැකිය. මෙය විශාල ක්‍රියාදාමයකි. මෙය යතාර්ථයක් කර ගැනීමට විශ්ව පාරමී සම සේවක සහ සම සේවිකා කණ්ඩායම දිවා රාත්‍රි නොබලා නිහඬව ඉතා කැපවීමකින් ඊට දායක වූ අතර එය නැවත නැවතත් ආවර්ජනය කරමින් සතුටු විය හැකි කරුණකි.

මෙහෙවර

අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ කුලය, ආගම හෝ ආගම නොසලකා උපරිම ආකාරයෙන් උපකාර කිරීමයි.

විශ්ව පාරමී තේමා ගීතය – ඕඩියෝ

භාෂාව තෝරන්න