slideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-imagesslideshow-images
—cd;s wd.ï fNaohlska f;drj fu;a is;skau lrkakd jQ i;aldrhls¡˜

“විශ්ව පාරමී” පදනමේ පාරමිතා පෙරහැර


දකින්න, විදින්න, අනුමෝදනා වීමට දක්ෂ වන්න

පින් කෙතක සටහන

විශ්ව පාරමී යනු ආගම්, ජාති, කුල බේදයකින් මෙන්ම, දේශපාලනික සහභාගිත්වයකින් තොරව මෙත් සිතින් ශ්‍රී ලාංකික ජනයා වෙත සෙත සලසමින් නිහඬව ඉදිරියට ගමන් කරන ශ්‍රී ලාංකික සංවිධානයකි.
2008 ජුනි මස පළ වැනිදා විශ්ව පාරමී පදනමක් වශයෙන් බිහි වන්නේ ඊට ම ආවේණික වූ කරුණු කාරනා කීපයකට මුල් තැන දෙමින්ය. ඒවා නම්;

මීට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ස්ථිර තැන්පත් ගිණුමකින් මාසිකව ලැබෙන ආකාරයට කටයුතු සලසා ඇති අතර කිසිම මුදලක් හෝ වෙන යමක් විශ්ව පාරමී වෙත පිටතින් ලබාගැනීමට විශ්ව පාරමී ව්‍යවස්ථාවේ අවස්ථාව දී නොමැති බව ද මෙසේ සටහන් කරමු.

උදව් උපකාර අවශ්‍ය ශ්‍රී ලාංකාවේ දුෂ්කර පළාත් වල අඩු පහසුකම් සහිතව ජිවත්වන හුදී ජනයා වෙත මෙත් සිතින් සිදු කරන ක්‍රියාකාරකම් සියල්ල ලාභ ප්‍රයෝජනයක් හෝ කීර්තිනාමයක් නො පතා අපගේ හෘද සාක්ෂියට එකඟව ඉටුකිරීමට බැඳී සිටිමු.

විශ්ව පාරමී ආ ගමන් මග ආපසු හැරී බැලීමේදී හදවතට දැනෙන ප්‍රබෝධය මෙතකැයි කිව නොහැකිය. මෙය විශාල ක්‍රියාදාමයකි. මෙය යතාර්ථයක් කර ගැනීමට විශ්ව පාරමී සම සේවක සහ සම සේවිකා කණ්ඩායම දිවා රාත්‍රි නොබලා නිහඬව ඉතා කැපවීමකින් ඊට දායක වූ අතර එය නැවත නැවතත් ආවර්ජනය කරමින් සතුටු විය හැකි කරුණකි.

කරුණු එසේ බැවින් විශ්ව පාරමී පදනම විසින් මෙතෙක් කල් කුසල් සිත් පෙරදැරි කර ගෙන නිම කළ ව්‍යාපෘතීන්ගෙන් අතලොස්සක් විශ්ව පාරමී වෙබ් පිටුවෙහි මෙසේ සටහන් කරන්නේ එම පින්කම් ඔබ සැමට ද දැක සතුටුවී, සාදු සිතින් අනුමෝදනා වීමට අවස්ථාව ඇති බව මෙත් සිතින් සිහිපත් කරමින්ය.

විශ්ව පාරමී තේමා ගීතය – ඕඩියෝ


විශේෂ පුවත්

  2021 ජූනි 17

  2020 දෙසැම්බර් 29

  2020 ජූලි 01

  2020 ජූනි 17

වීඩියෝ

  2020 ජූනි 17

නව චූඩා මාණික්‍යය සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීම – තේමා ගීතය

  2019 නොවැම්බර්  26, 27

ස්වර්ණමාලී මහා සෑ නව චූඩා මාණික්‍ය

  2019 මැයි 11

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා මෙත් සිතින් කළ මහා ඓතිහාසික පිංකම

  2018 ජූලි 20

විජය ශ්‍රී උතුම් වූ බුද්ධගයා හි පිහිටි වජිරාසනය ප්‍රමුඛ පූජනීය බුද්ධගයා බෝධි මළුව රත්තරනින් ඒකාලෝක කිරීම

ජාතික වැඩසටහන්


 

ජාතික වැඩසටහන්

සාදු සාදු අපිත් වඳිමු ගෞතම මුණි සිරිපා

ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වති. බෞද්ධ ජනයා මෙම පූජනීය කන්ද හඳුන්වන්නේ…

Read More

ජාතික වැඩසටහන්

දළදා වන්දනා | පල්ලේමාලේ විහාරය ප්‍රතිසංස්කරණය කිරීම

බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාලයේ රජ කළ…

Read More

ජාතික වැඩසටහන්

විල්ගම් වෙහෙර මහා සෑය

විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම මෙසේ සිදු කළ වගයි. තුන් හෙළයම එක් සේසත් කල…

Read More

ජාතික වැඩසටහන්

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කල වගයි අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ…

Read More

ජාතික වැඩසටහන්

වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය

භයානක කොරෝනා වසංගතය සමයේ ආගමික ස්ථාන සදහා වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය පැතිරී යන අති භයානක කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින්…

Read More

ජාතික වැඩසටහන්

ස්වර්ණ පූජා බුද්ධගයාව

සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවමින් උතුම් සම්බෝධියට පත්වූ බුද්ධ ගයාශුද්ධ…

Read More

ජාතික වැඩසටහන්

පිවිතුරු පැන්

මධ්‍යහනයේ හිරු ගිනිගෙන දැවෙයි. අවට පරිසරයද ගිනිගෙන දැවෙනවායි සිතෙන්නේ එහි ඇති රස්නය නිසාමය. තිබහ ඇතත් තිබහට වතුර නැත. වියළුණු පොලව…

Read More

ජාතික වැඩසටහන්

අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමධිට්ඨිත දක්ඛිණ ශාකභවංසුභ මේඝ වනම්භර මේඝ නිභං – ජය බෝධි මහං පන මාමි වරංමේ සක්වළ මුළුල්ලෙහි වැඩ…

Read More

ජාතික වැඩසටහන්

ස්වර්ණමාලී මහා සෑ රදුන්

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කොට…

Read More

ජාතික වැඩසටහන්

විශේෂ ආලෝක පූජාව

අප මහා බෝසතාණන් සියළු කෙළෙසුන්  නසා  ලොව්තුරා බුද්ධත්වයට පත්වූදා සෙවන දුන්  උතුම් වූ බුද්ධ ශරීරයේ ස්පර්ශය ලද, එමෙන්ම සතියක් පුරාවට…

Read More

ජාතික වැඩසටහන්

සුවැති දරු සරණ

2016 වසරේ ඇරඹු මෙමඟින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල හා ගාල්ල කරාපිටිය යන රෝහල් ත්‍රිත්වයේ ප්‍රතිකාර ලබන…

Read More

ජාතික වැඩසටහන්

සුව මනස වැඩසටහන

රැයක් දවාලක් නොමැතිව වීථි පුරා ඇවිද යමින් නෙත ගැටෙන සියල්ලන්ටම අත පෑවේ කුස පුරවාගන්නට යමක් සොයා ගන්නටයි. එහෙත්, අත රැදුණු…

Read More

ජාතික වැඩසටහන්

විල්ගම්වෙහෙර චෛත්‍ය රාජාණන්

අතීතයේ ධර්මද්වීපයක්ව පැවතුණු මේ ලක් දෙරණේ යුගයෙන් යුගයට රජ වූ රජවරුන් කරවූ දෑස් අදහාගත නොහැකි විස්මිත වෙහෙර විහාර වන්දනා කරන්නට…

Read More

ජාතික වැඩසටහන්

විශ්ව පාරමී තාරුණ්‍ය

විශ්ව පාරමී පදනමට අවුරුදු 10ක් සපිරිණු මොහොතේ එහි අධීක්ෂණය යටතේ විශ්ව පාරමී නම් වූ මහා වෘක්ෂයේ නව අංකුරයක් ලෙස බිහිවූ…

Read More

ජාතික වැඩසටහන්

ශ්‍රී දළදා වන්දනාව

ශ්‍රී නාථ දේවාලය මහනුවර ශ්‍රී නාථ දේවාලය ප්‍රතිසංස්කරණ කොට පූජා කිරීමට 2017 අප්‍රේල් මස විශ්ව පාරමී පදනමේ අපට හැකිවිය ඉන්…

Read More

මාසික වැඩසටහන්

අඳුරෙන් ආලෝකයට මාසික වැඩසටහන්

අඳුරෙන් ආලෝකයට

උතුම් වූ මිනිස් ආත්මයක් ලද කෙනෙකුගේ ජීවිතය අර්ථවත්ව ගතකිරීම සඳහා උපකාර කරගත හැකි ඉන්ද්‍රියක් වූ “දෙනෙත්” කොතරම් වටිනා අවයවයක්ද යන්න ඔබ අප සියලුදෙනා දන්නා කරුණක් එහෙත්, එතරම් වටිනා මේ දෙනෙත්,  ආබාධයන්ගෙන් පෙළුනත්, ඇස් පරීක්ෂාවක් කරගන්නට හෝ ඒ සඳහා ප්‍රතිකාර ගන්නට තරම් වත්කමක් නොවුනු බොහෝ පිරිසක් වෙනුවෙන් අක්ෂි කඳවුරු පවත්වා ඇස්…

Read More

අභය පාරමී මාසික වැඩසටහන්

අභය පාරමී

ජීවත් වී සිටින  සියලුදෙනාහට  හැමදේටම වඩා වටින්නේ තමන්ගේ ජීවිතය. එය  සතුන් මිනිසුන් කියා වෙනසක් නැහැ. හැමෝම කැමති තවත් දවසක් හෝ  ජීවත් වන්නටය. සත්තුන්ට වධ දීලා මරණ අයුරු    හිත් පිත් ඇති මිනිසුන්ට මොහොතක්වත් බලා සිටීමට නම් නොහැකිය.  සතුන්ට කතා කළ නොහැකි වුවත් මරණ භය දැනෙන්නේ මිනිස් සිතකට මෙන්මය. ඒ නිසාම මරණයට…

Read More

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ

විඳි දුක් කියන්නට සමනල කන්ද   මදි – කඳුළට දහඩියට මහා සාගර ජලය  මදිතිළිනෙට පුදන්නට මුළු ලෝකයම මදි – අම්මා බුදු වුණත් මගෙනම් හිතට    මදිදිළිඳු කමේ පතුලේම සිටියත් උතුම් වූ මවු සෙනෙහසෙහි අඩුවක් නොවූ ඒ උතුම් අම්මාවරුන් මහත් හරසරින් පුදන්නට විශ්ව පාරමී අප කරන්නා වූ මහා සත්කාර්ය අම්මාවරුනේ ලෙස හැඳින්වේ.https://youtu.be/Wfbbii4zpKYමේ යටතේ,…

Read More

මාසික වැඩසටහන් සුවැති දරු සරණ

සුවැති දරු සරණ

මේ ලෝකේ ඉන්න හැම අම්මෙකුටම තාත්තෙකුටම තියෙන වටිනාම වස්තුව තමයි තමන්ගේ දරුවෝ. මේ දරුවන් අසනීප වූ විට  අම්මලාට තාත්තලාට දැනෙන දුක වේදනාව මෙතෙකැයි කියා වචනයෙන් විස්තර කල නොහැකිය.මේ දුක වේදනාව දෙගුණ තෙගුණ වෙන්නේ  මේ දරුවන්ගේ ඖෂධ වගේම ප්‍රතිකාර කටයුතු වලට අවශ්‍ය කරන මුදල් හොයාගන්න බැරි වූ විටය.එවන් දුක් වේදනාවන්  හොඳින්ම…

Read More

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය

ගහ කොළ, සතා සිවුපාවුන් සොබා දහමේ අලංකාරයත්, විවිධත්වයත් ඇති කරන්නට කරන්නා වූ මෙහෙය නම් සුළු පටු නොවේ. එහෙත්, මිනිසුන් ආත්මාර්ථකාමී ලෙස සොබා දහමේ  හිමිකරුවා වීමෙන් අනෙකුත් ජීවින්ගේ ජීවත් වීමේ අයිතියද උදුරා ගැනීම කෙතරම් නම් ශෝචනීයද?මේ කියන්නට සැරසෙන්නේ මිනිසුන් විසින් වධ හිංසා කොට මරණය නියම කෙරූ තවත් අහිංසක සතුන් පිරිසකට යළිත්…

Read More

කෘතීම කොණ්ඩ ව්‍යාපෘතිය මාසික වැඩසටහන්

කෘතීම කොණ්ඩ ව්‍යාපෘතිය

https://youtu.be/BDuFka8_O8kඅපට හිමිව ඇති ජීවිතය  කෙතරම් අස්ථිරද යත්  තණ අග තිබෙන  පිනි බිංදුවකට තමයි බුදුන් වහන්සේ අපගේ ජීවිතය  උපමා කර තිබෙන්නේ. එනම්  කොයි මොහොතේ මේ ජීවිතේ අපිට අහිමි වේද කියා සිතීමට නොහැකි නිසාය .ඒ වගේම තමයි ලෝක ධර්මතාවයට අනුව අපි සන්තකයේ තියෙන හැම දේමත් එක මොහොතකින්  අපිට අහිමි වෙලා යන්න පුළුවන්…

Read More

මාසික වැඩසටහන් රුහුණු සුව නිවහන

රුහුණු සුව නිවහන

උදෙන්ම අවදි වී කඩිමුඩියේ කුමක් හෝ  රස්සාවකට යන හැමෝම ගොම්මන් අඳුරත් එක්ක ගෙදරට ගොඩ වෙන්නේ තමන් ආදරේ කරන අයගේ උණුසුම රැකවරණය ගෙදර තියෙනවා කියලා දන්න නිසාමයි. ඒත්, අවුවෙන් බේරෙන්නවත්, වැස්සෙන් නොතෙමෙන්නවත්, දුක සැප හොයල බලන්නවත් කාත් කවුරුත් නැති වුණු  යාචකයන් පාරේ යන කාට හරි අතපාලා ඉල්ලගත්ත දෙයකින් බඩගින්දර නිවාගෙන එතනම…

Read More

කඳුලට සිනහවක් මාසික වැඩසටහන්

කඳුළට සිනහවක්

දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් පිරුණු හිතකට සංගීතය කියන්නේ ගොඩක් හොඳ ඔසුවක්. ජීවිතයේ දුක සැප බෙදාගන්න තමන්ගේම කියල කවුරුවත් නැතුව හුදෙකලාව තනිවුනු ළමා නිවාස වල දුවා දරුවන්ගේත්, වැඩිහිටි නිවාස වල මවු පියවරුන්ගේත්, ආබාධිත නිවාස වල ජීවත් වන බොහෝ පිරිසකගේත්  හිත්වල තිබුණු දුක වේදනාව අපේ කර ගත්ත විශ්ව පාරමීයේ අපි ඔවුන් වෙනුවෙන්ම නිමවූ …

Read More

කඳුලට සිනහවක් මාසික වැඩසටහන්

කඳුලට සිනහවක්|2022 ජුලි

සුපුරුදු පරිදි මෙම මාසයේත් වැඩිහිටි නිවාසවල ඒකාකාරී ජීවිතයක් ගත කරන අපේම අම්මලා තාත්තලාගේ මෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වල සිටින පුංචි…

Read More

අඳුරෙන් ආලෝකයට වැඩසටහන්

අන්ධකාරයෙන් ආලෝකයට

මතුගම දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන අක්ෂි සායනය බොහෝ විට නිතරම අපේ ඇස ගැටෙන්නේ අගනුවරට බොහෝ දුර බැහැර අති දුෂ්කර ගම්මානවල බොහෝ අග…

Read More

කඳුලට සිනහවක් මාසික වැඩසටහන්

කඳුලට සිනහවක් | 2023 ජනවාරි

වැඩිහිටියන් කියන්නේ අපට සම්පතක්. ඔවුන්ව රැක බල ගැනීම අපේ යුතුකමක්. නමුත් දරුවන් ගමෙන් නගරයට සංක්‍රමණය වීම, අධික කාර්යබහුලත්වය වගේම, ඇතැම්විට…

Read More

අභය පාරමී මාසික වැඩසටහන්

අභය පාරමී – අප්‍රේල් 2022

ගිතෙල්, මී කිරි ,එළ කිරි යන පස්ගෝරසයෙන් කුඩා දරුවාගේ පටන් මහල්ලෙකු දක්වාම අපව පෝෂණය කරමින්, ඉවතලන පොහොරින් වගාවන් සරුසාර කරමින්…

Read More

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ | මාගාල්ල සෞඛ‍ය වෛද්‍ය බල ප්‍රදේශය

නොවැම්බර් 2022 ලොව ඇති අති දුෂ්කරම වේදනාව බිළිදෙකු ඉපදීමේදී කාන්තාවකට ඇතිවන වේදනාවයි. දසමසක් කුස හොවා එතරම් දුක් කන්දක් විඳදරාගෙන තම…

Read More

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය | සැප්තැම්බර් 2022

යම්කිසි සතෙකුගේ මරණය කෙරෙහි උපදින බිය දුරු කර ජීවිත දානය දීමේ උතුම් අරමුණින් මෙවරත් ජීවී කකුළුවන් මරණයෙන් නිදහස් කර වැල්ලවත්ත…

Read More

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය – අගෝස්තු මාසය

නිදහසේ ඇවිද යාමට තිබූ අත් කකුල් තදින් ගැට ගසා, නියත මරණය වෙනුවෙන් ගොඩ ගසා සිටි තවත් කකුළුවන් 135 දෙනෙක් සඳහා…

Read More

අභය පාරමී මාසික වැඩසටහන්

අභය පාරමී – ඔක්තෝම්බර් 2022

මෙලොව එලිය දකින සෑම  ජීවියෙකුටම මේ මිහිකත මත ජීවිත් වීමේ අයිතියක් ඇත.එබැවින් මනුෂ්‍යන් ලෙස අපගේ වගකීම විය යුත්තේ ඒ අනෙක්…

Read More

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ – ජුනි 2022

ද සොයිසා කාන්තා රෝහල උතුම් මව් පදවිය ලැබීමට සැරසෙන මව්වරුන් වෙනුවෙන් දියත් වන සත්කාරයයි “අම්මාවරුනේ” වැඩසටහන. මෙවර එය ද සොයිසා…

Read More

අභය පාරමී මාසික වැඩසටහන්

අභය පාරමී – ජුනි 2022

මරණය අප කාහටත් බිය උපදවන සුළුය. එසේ ගවඝාතකාගරවල මරණ භයින් කෑ ගසමින් සිටි ගවයින් තිදෙනෙකු  නිදහස් කර බිබිල, බකිනිගහවෙල ප්‍රදේශයේ…

Read More

කඳුලට සිනහවක් මාසික වැඩසටහන්

කඳුලට සිනහවක් | 2023 පෙබරවාරි

පරක් තෙරක් නොපෙනෙන මහා සයුරක් සේ මවගේ පියාගේ ගුණ සීමාකොට දැක්විය නොහැකිය. එතරම්ම දරුවන් පිළිබඳව ඇති මව්පිය සෙනෙහස අසීමිතය. කුඩා…

Read More

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ – ජනවාරි

2022 ජනවාරි මස දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ගාල්ල දිස්ත්‍රික්කයේ නියම්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් මව්වරුන් 15 දෙනෙකු…

Read More

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය – අප්‍රේල් 2022

මිනිසුන්ගේ ආහාර පිණිස බොහොමයක් සතුන්ට තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීම කෙතරම් ඛේදජනක ද ? මිනිසා මෙන්ම අනෙකුත් සියලුම සතුන්…

Read More

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය – පෙබරවාරි

රැහැන් පට වලින් අත් පා බැඳ, ජිවිතයේ අන්තිම හුස්ම වෙනුවෙන් සටන් වදින කකුළුවන්ගේ ඉරණම වෙනස් කර ඔවුන්ට ජීවත්වීමේ අයිතිය ලබා…

Read More

කකුළුවන්ට අභය දානය මාසික වැඩසටහන්

කකුළුවන්ට අභය දානය – ජුනි 2022

මිනිසාගේ ආහාර පිණිස තම අන්තිම හුස්ම පොද දක්වා සටන් වදිමින් සිටින කකුළුවන් 224 දෙනෙකු මරණයෙන් නිදහස් කර ඔවුන්ට නිදහසේ ජීවත්…

Read More

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ – අප්‍රේල් 2022

දෙවැනි බුදුන් ලෙස – ලොවම උවම් කලලොවක පිදුම් ලද – ලොවට උතුම් ළඳ අම්මා මෙලොව ඇති සියලුම දේ මවකගේ ආදරයට යටත්ය….

Read More

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ | පල්ලම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශය

ලොව මිළ කල නොහැකි වස්තූන්ගෙන් එකක් තමයි දරුවන්. එවන් මිළ කල නොහැකි වස්තුවකට මෙලොව එලිය දැකීමේ මුහුරත වෙනුවෙන් දරුවාට සහ…

Read More

අඳුරෙන් ආලෝකයට වැඩසටහන්

අක්‍ෂි කඳවුර

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව අක්‍ෂි සායනය විශ්ව පාරමී අඳුරෙන් එළියට සත්කාරය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඇස් පෙනීම…

Read More

අම්මාවරුණේ මාසික වැඩසටහන්

අම්මාවරුනේ | ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය

කුරුණෑගල දිස්ත්‍රික්කහි සිදු කළ පළමු වැඩසටහන, පෙබරවාරි මස 29වන දින, ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී, පවත්වනු ලැබිණි. දරු ප්‍රසුතියක් සඳහා…

Read More

අභය පාරමී මාසික වැඩසටහන්

අභය පාරමී – මැයි 2022

මරණය අප කොයි කාටත් බිය උපදවන සුළු දෙයකි. එය මිනිසුන්ට මෙන්ම සත්ව ලෝකයට ද එක සේ උරුමයි. තවකෙකුගේ උවමනාව වෙනුවෙන්…

Read More

ප්‍රජා සත්කාර


අහස තරම් හීන ගොඩ ගහන මිනිස්සු කාළයත් එක්කම පොළොවට පස් වෙන්නේ ඒ හීන හීනයක්ම කරන්. ඒත්, තවත් හිතක තියෙන බලාපොරොත්තුවේ තරම දන්න විශ්ව පාරමී අපි හීනයක්ම වුණු ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න ප්‍රජා සත්කාර තුළින් කටයුතු කරනු ලබනවා.

ප්‍රජාසත්කාර

වියළි ආහාර බෙදා දීම

කොළඹ අවට මහා මාර්ග  පිරිසිදුව තබා ගැනීමට වෙහෙසෙන පුද්ගලයින් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාශියකින් යුත් වියළි ආහාර පාර්සල්  බෙදා  දීම…

Read More

ප්‍රජාසත්කාර

ළමා පෝෂණය | මුන්දලම

නීරෝගීමත් දරු පරපුරක් ගොඩ නැගීමේ අරමුණින් විශ්ව පාරමී අප විසින් ආරම්භ කල “ ළමා පෝෂණය” වැඩසටහන මෙම මාසයේත් පුත්තලම දිස්ත්‍රික්කයේ…

Read More

ප්‍රජාසත්කාර

ලෝක ළමා දිනය

සැමවිටම දරුවන්ගේ සුභසිද්ධිය  වෙනුවෙන්  කටයුතු කරන පිරිසක් ලෙස විශ්ව පාරමී අප මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ගේ පෝෂණය නගා සිටුවීමට…

Read More

ප්‍රජාසත්කාර

මුහුදු රැල්ලේ පහස නොදැනුනු ජේෂ්ඨ පුරවැසියන්

ගමත්, නගරයත්, මුළු ලෝකයත් එකට යා වූ අතිශය දියුණු වූ ලෝකයක මහ මුහුද තම සියැසින් නොදැකපු  මුහුදු රැල්ලේ පහස තම…

Read More

ප්‍රජාසත්කාර

රෝදපුටු ලබා දීම

උපතින්ම දෙපයින් නැගී සිටීමට නොහැකි හා විවිධ අනතුරු හේතුවෙන් දෙපා අහිමි වූවන්ට ශක්තියක් වෙමින් 2022 අප්‍රේල් මාසය දක්වා රෝද පුටු…

Read More

ප්‍රජාසත්කාර

වියළි ආහාර ලබා දීම|දික්ඔය

අඩු ආදායම්ලාභී පවුල් රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නැති බැරි අය මෙන්ම ඇති හැකි අයත් බොහෝ දුෂ්කරතා වලට මුහුණ පා…

Read More

ප්‍රජාසත්කාර

කාල දානය

ආහාර හිඟ දුර්භික්ෂ කාල වලදී පිරිනමනා දානය සංසාර ජීවිතයේදී සුදුසු කල්හි සුදුසු දේ ලැබීම පිණිස හේතු වන්නා වූ මහත් ඵල…

Read More

ප්‍රජාසත්කාර

ස්‌වයං රැකියා

තම හැකියාවත්, කැපවීමත් තුළින් ජීවිත ගොඩනගා ගන්නට වෙහෙසන මේ මිහිකතේ තවත් දිරිය මිනිසුන් 08 දෙනෙක් වෙනුවෙන් විවිධ ස්වයං රැකියා සඳහා…

Read More

ප්‍රජාසත්කාර

රෝද පුටු පරිත්‍යාගය

නොහැකිමුත් දෙන්නට දෙපා – ඇවිද යන්නට ඔබට රිසි සේ අත්වැලක් වෙන්නම් මෙසේ අප – ජීවිතේ සුසුමන් නිවාලන දෙපයින් නැගී සිටින්නට…

Read More

කඳුලට සිනහවක් මාසික වැඩසටහන් ප්‍රජාසත්කාර

කඳුලට සිනහවක්

තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන්…

Read More

ප්‍රජාසත්කාර

ආහාර පාන බෙදාදීම

දිළිඳු පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාදීම අනුරාධපුර, විල්ගම්වෙහෙර, නාත්තන්ඩිය “ගමයි පන්සලයි – වැවයි දාගැබයි” සංකල්පය ආදී මුතුන් මිත්තන් අපට…

Read More

කඳුලට සිනහවක් මාසික වැඩසටහන් ප්‍රජාසත්කාර

කඳුලට සිනහවක්

තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන්…

Read More

ප්‍රජාසත්කාර

රෝද පුටු පරිත්‍යාගය

නිදහසේ ඇවිද යමින් තම සිතැඟි සපුරා ගනිමින් කිසිවෙකුටත් බරක් නොවූ ඔවුන් හදිසියේ අත්තටු සිඳ දැමුවාක් මෙන්, තම දෙපා අහිමි වීමෙන්…

Read More

ප්‍රජාසත්කාර

වාර්ෂික වෙසක් දානය

දස පාරමී දම් පුරමින් මතු බුදු බවම පැතූ අප මහා ශාස්තෘවරයාණෝ ලොව පහළ වීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම, පරිනිර්වාණයට පත්…

Read More

ප්‍රජාසත්කාර

භික්ෂු වාට්ටු සංකීර්ණය ප්‍රතිසංස්කරණය

ජේසුස් වහන්සේත්, බුදුන් වහන්සේත් මෙන්ම ලොව පහළ වූ සෑම ආගමකම ශාස්තෘන් වහන්සේ කෙනෙක් විසින්ම ගිලන් වූවන්ට උපස්ථාන කිරීමේ වටිනාකම ලොවට ඉගැන්…

Read More

ප්‍රජාසත්කාර

වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන

විශ්ව පාරමී සම සේවක සේවිකාවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විශ්ව පාරමී වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන ඉතා සාර්ථකව මෙවරද පැවැත්වුණි….

Read More

අඳුරෙන් ආලෝකයට වැඩසටහන් ප්‍රජාසත්කාර

වැඩිහිටි නිවාස අක්ෂි කඳවුර

දරුවෙකුට, මැස්සෙකුට වත් ලං වෙන්න නොදී තමන්ගේ ඇස් දෙකේ තියාගෙන ආදරෙන් හදපු වඩපු දරුවෝ ටිකෙන් ටික වයසට යනකොට, ඇවිද ගන්න…

Read More

වෛද්‍යාධාර


දරුණු රෝග වලින් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් වෛද්‍යාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ තියෙන අසරණ කම  අපි හොඳින්ම දන්න නිසාමයි.

වෛද්‍යාධාර

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට වෛද්‍යාධාර ලබා දීම.

දරුණු රෝගාබාධ වැළඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් දිනෙන් දිනම ඉහළ ගියත්, ඊට සාපේක්ෂව රෝහල් තුළ පවතින සම්පත් ප්‍රමාණවත් නොවීම නිසා…

Read More

වෛද්‍යාධාර

වෛද්‍ය සත්කාර – අගෝස්තු මාසය

වෛද්‍යාධාර දරුණු රෝගාබාධ වැළඳුනු වකුගඩු රෝගීන් 02ක් සඳහාත්, හදවත් රෝගීන් 05 දෙනෙක් සඳහාත්, කොඳු ඇටපෙළ ඇද වීමේ රෝගයෙන්, පිළිකා සහ…

Read More

වෛද්‍යාධාර

කොවිඩ් – 19 එරෙහිව වෛද්‍ය සත්කාර

කෘතිම ශ්වසන යන්ත්‍ර සඳහා දායකත්වය ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට නොහැකි වූ දහසකුත් දෙනෙක් දරුණු කොරෝනා වෛරසයට තම ජිවිතයෙන් වන්දි…

Read More

වෛද්‍යාධාර

වවුනියා සරණාගත කඳවුර

වවුනියා සරණාගත කඳවුරු වල ජීවත් වන දරුවන් සහ ගැබිණි මාතාවන් හට  ප්‍රතිජීවක එන්නත් 3000 ක් බෙදා දීමට විශ්ව පාරමී දායක…

Read More

වෛද්‍යාධාර

ඖෂධ ලබාදීම

එකමුතුව එකාවන්ව සමඟියෙන් සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ යුගය නිමා කොට, ජාති ආගම් පවුරු පදනම් වලින් බෙදී වෙන් වුණුදා පටන් අපගේ…

Read More

වෛද්‍යාධාර

රුධිර කාන්දුපෙරන අමුද්‍රව්‍ය ලබා දීම

වර්තමානය වන විට බෝ නොවන රෝග අතර දරුණු වකුගඩු රෝගයද ඉහළ යමින් පවතී. එම නිසා, ඒ සඳහා ප්‍රතිකාර ගන්නට රෝහල්…

Read More

වෛද්‍යාධාර

ග්‍රාමීය රෝහල් වලට අත්‍යවශ්‍ය ඖෂධ

2009 වසරේ රටේ පැවති දරුණු යුද්ධයත් සමග රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වූ අතරම, එම අවශ්‍යතාවය දැනගත් වහාම ක්‍රියාත්මක වූ…

Read More

අධ්‍යාපන ආධාර


දයාබර දූ පුතුනි, මතු අනාගතයේ ගුණ නැණ බෙලෙන් යුතු වියතුන් වී ලෝක සිතියමෙහි මේ පුංචි දිවයිනෙහි නම රන් අකුරින් ලියන්නට ඔබ සැමට අපගේ තුටු පඬුරු ආශිර්වාදයක්ම වේවා යන්න විශ්ව පාරමී අප සැමගේ ඒකායන ප්‍රාර්ථනයයි..

අධ්‍යාපන

ශ්‍රී රාහුල විද්‍යාලය | රාජාංගනය

විශ්ව පාරමී කණ්ඩායමක් තඹුත්තේගම ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදුනු අවස්ථාවක, රාජාංගනය ප්‍රදේශයට අයත් ශ්‍රී රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසකට වඩා වැඩි…

Read More

අධ්‍යාපන

ශාන්ත පාවුළු විද්‍යාලය |කටාන

කටාන ශාන්ත පාවුළු විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් අධ්‍යාපනය ලබන පාසලකි. ඉතාමත් අඩු පහසුකම් මධ්‍යයේ පවත්වාගෙන යන…

Read More

අධ්‍යාපන

හෙට දවසේ වීරයන් තනන්නට අද දවසේ මනා අඩිතාලමක්

හෙට දවසේ වීරයන් තනන්නට අද දවසේ මනා අඩිතාලමක් වැටෙන්නේ කුඩා දරුවන්ගේ පාසල් අධ්‍යාපනයෙන් බව අප සියලු දෙනාම දන්නා කාරණාවක්. ඒ…

Read More

අධ්‍යාපන

පාසල් උපකරණ බෙදා දීම

“අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට ඔබ ළඟ ඇති ප්‍රබලම අවියයි”.                     …

Read More

අධ්‍යාපන

රාම ක්‍රිෂ්ණ විදුහලට දිවා ආහාරය

අඩුආදයම්ලාභී පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන තෝරාගත් පාසල් සඳහා පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනේ තවත් අදියරක්  මෙම දෙසැම්බර් මස පාමංකඩ,…

Read More

අධ්‍යාපන

පාසල් නිල ඇඳුම් බෙදා දීම

පාසල් දරුවන් සුදෝ සුදු නිල ඇඳුමකින් පාසල් යන්න කෙතරම් කැමැත්තක් දක්වනවද ? ඉතින් ඒ වගේ අහිංසක බලාපොරොත්තු හිතේ තියන් අකුරු…

Read More

අධ්‍යාපන

පෝෂණයයි සෙනෙහෙ ලොවයි

තෝරාගත් පාසල් සඳහා පෝෂණීය දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන යටතේ, පැපිලියාන සුනේත්‍රා මහාදේවී විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් 45 දෙනෙකු…

Read More

අධ්‍යාපන

බොරලැස්ගමුව ආනන්ද නව ආදර්ශ විද්‍යාලයට දිවා ආහාරය

දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීමේ අරමුණින්  පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අඩුආදයම්ලාභී පවුල්වල දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා දිනකට පෝෂණීය ආහාර…

Read More

අධ්‍යාපන

දිරියෙන් ඉදිරියට පියමනින්නට අත්වැලක්

රත්නපුරේ පිහිටි ගළුකාගම විද්‍යාලය කියල කියන්නේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දරුවන් පමණක්ම අධ්‍යාපනය ලබන ග්‍රාමීය පාසලක්. ඒ පාසලේ දරුවන් 48…

Read More

අධ්‍යාපන

ලබා දෙන එක පොතකින් වුව එලිය කරයි මුලු ලෝකයක්

වසර 5ක පමණ කාලයක් තිස්සේ විෂය නිර්දේශයට අදාල කිසිදු අමතර පොතක් නොමැතිව  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අබයපුර මහා විද්‍යාලයේ  සිසුන් බොහෝමයක් අනාගතය…

Read More

අධ්‍යාපන

පාසල් උපකරණ බෙදාදීම

එලෙස, ඇල්මෙන් අකුරු උගනින්නට වෙර දරනා අති දුෂ්කර ප්‍රදේශවල  දැයේ  දූ පුතුන්ගේ නැණ පහන් දල්වන්නට 2009 වසරේ ඇරඹි මෙම වැඩසටහනින්…

Read More

අධ්‍යාපන

කැකුළු සිත් වල උතුරා ගිය අහිංසක සතුට

ශ්‍රී පියතිස්ස මූලික පිරිවෙන හා අනුබද්ධ ව පවත්වා ගෙන යන බෝපාගොඩ අනුර විද්‍යාලයේ දරුවන් 100කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරනු ලබයි….

Read More

අධ්‍යාපන

නාවලපිටිය ධර්මරත්න විද්‍යාලය

පසුගිය මාසයේදී අධ්‍යාපන ආධාර ලබා දුන් නාවලපිටිය ධර්මරත්න විද්‍යාලයේ දූ පුතුන් සඳහා වේදිකා තිර රෙද්දක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූති කොට…

Read More

අධ්‍යාපන

ශ්‍රී සුබෝධ කනිෂ්ඨ විද්‍යාලය

කටුක කර්කශ පොළොව සමඟ ගැටෙමින් ජීවිකාව සරි කර ගන්නා දෙමාපියන් පිරිසකගේ දරුවන් වූ, මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී සුබෝධ කනිෂ්ඨ විද්‍යාලයේ මේ…

Read More

නිවාස


පුංචියට හෝ නිවසක් සාදාගෙන තම පවුලත් සමඟ සතුටින් ජිවත් වීම මිනිසුන් වන සැමගේ අහිංසක බලාපොරොත්තුවක් බව නොඅනුමානය. එවැනි වූ නිවාස සිහිනයන් මල්ඵල ගැන්වීමේ අරමුණින් අරඹන ලද නිවාස ව්‍යාපෘති යටතේ සිදු කරන ලද උතුම් සත්කාර්යයන් මෙසේය.

4614

වැඩ නිම වූ ව්‍යාපෘතීන්

210

ක්‍රියාත්මකව පවතින, ක්‍රියාත්මක කිරීමට නියමිත සහ විමර්ශනය වෙමින් පවතින ව්‍යාපෘතීන්

1423

ප්‍රතික්ෂේපකල ව්‍යාපෘතින්

6247

ව්‍යාපෘතීන් එකතුව

Last Updated on %post_modified% by %author_name%

විමසීම


 

Address

47/4, G.H පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව.

Phone

+94 117 200 000
Monday-Friday (8.30am-5pm)

Fax – 011 219 8236

Thank You for the Email!

Your message has already arrived! We’ll contact you shortly.

Good day.
භාෂාව තෝරන්න