ගංවතුරට එරෙහිව ගලා ආ විශ්ව ශක්තිය

 

මහා වැසි ඇද හැලුනේය. සිය දහස් ගණනින් ගම් බිම්වැසි ජලයෙන් යට වී ජිවිත රුදුරු ලෙස බිලි ගත්තේය. හිසට සෙවනක්, කුසට අහරක්, ආරක්ෂාවට දෙමාපිය, නෑදෑ හිත මිතුරන් අහිමි කරමින් සිත් පිත් නැති වියරු රකුසෙකුසේ කඳු මුදුන් බිමට සමතලා කරමින් අනෝරා වැසි ඇදහැලුනේය.

PicsArt_1463835812860 PicsArt_1463836235124

මේ මහා ජාතික ව්‍යසනයට එරෙහි ව විශ්ව පාරමී අපි හැකි පමණින් ශක්තිමත් ව නැගී සිටියෙමු. සිය දහස් ගණනින් අනාථවූඅසරණ අපේම නෑදෑ හිත මිතුරන් සොයා අපි කෑගලු දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල වගේම මාවනැල්ල, අරණායක පෙදෙස් වෙත වහ වහා සංවිධානාත්මකව පිටත් වීමු. එසේමපුත්තලම සහ කොළඹ දිස්ත්‍රික්කයන්හිගම්බිම් පුරා, යන එන මං නොමැති ව අන්ත අසරණ තත්ත්වයටඇදවැටුණුඅපේමසහෘදයන් වෙනුවෙනුත් අපි කැපවීමු. දහස් ගණනින් වූ මේ අසරණයන්ට අපි ආහාර, ඇඳුම් පැළඳුම්, බේත් හේත් මෙන්ම මිල මුදලින් ද අපගේ මානුෂීය හස්තය දිගු කළෙමු. ජාතික ව්‍යසන කළමනාකරණ පද්ධතියට විශ්ව පාරමී අපි සැවොම භක්තිමත් ව – දිවා රෑ – වෙහෙස මහන්සි – මහා වැසි ගංවතුර නොබලා කැපවී, පේවී, හෘදයාංගවම ක්‍රියා කළෙමු. ක්‍රියා කරමින් සිටින්නෙමු.

jpeg 001 jpeg 002 jpeg 003 jpeg 0011

විශ්ව පාරමී මහාමානුෂීය හස්තයේ සිසිලසෙහි සෙවන දුටු බොහෝ බලධාරීන් තම නොමසුරු සහයෝගය විශ්ව පාරමී සාමාජිකයන් වෙත යුහුසුළුව ලබා දුනි. පැයකින් හමාරකින් බෙදා අවසන් කළ හැකි ආධාර මලු අපි උදේ පටන් රාත්‍රී කාලය වන තුරුත් බෙදා දීමට තීරණය කළෙමු. ඒ,එම මොහොතේදී ආධාර ලැබීමට ඉතාම සුදුසු අසරණ වූ සහෘදයන් සොයා යාමටයි. විශ්ව පාරමී සත්කාරක කණ්ඩායම් සැවොමතමජීවිත වෙත මතුව ආ ජීවිත තර්ජන පවා නොතකා,දින ගණන් නිදි වර්ජිතව, වෙහෙස මහන්සි වී සුවිශේෂීමානුෂීය මෙහෙයුමක නිරත වීමු.විශ්ව පාරමී සෙවන ලද අසරණ වූ අපේම නෑදෑ හිතමිතුරන්ගේ සිනහව විශ්ව පාරමී ආධාරක කණ්ඩායම්වල ශක්තිය තව තවත් දෙගුණ තෙගුණ කල බවනම් අතිශෝක්තියක් නොවේ.

තවත් දින කිහිපයකින් ජාතික ජන ජීවිතය යථාතත්වයට පත්වනු ඇතැයි අපි විශ්වාස කරන අතරම, එය අප සෑම දෙනාගේමප්‍රාර්ථනය ද වන්නේය. කෙසේ හෝ, ජාතික ව්‍යසනයකදී විශ්ව පාරමී අපි සැවොම ගොඩනැගූ මානුෂීය බලවේගයෙන් ජනිත වුනා වූ සහ ජනිත වන්නා වූ යම් කුසලයක් වේ නම්, එය මීට නොමසුරු ව නන් අයුරින් දායක වූ සැමට උපනිශ්‍රය වේවා!!! එසේම ගංවතුරින් අන්ත අසරණ වූ අපේ මනෑදෑ හිත මිතුරන් හටඑම පින් උපනිශ්‍රය වී එහිආශීර්වාදය ලැබේවා!!!

අවසානයේ,මේ මහා ව්‍යසනය හැකි ඉක්මනින් නිමා වී ශ්‍රී ලාංකීය ජන ජීවිතය යලි යථා තත්ත්වයට පත්වේවා!!!