වෙසක් පොහොය දිනය 2016.

IMG_2960 IMG_2963

මිලියන 500 පමණ වන ලෝක වාසි බෞද්ධයන්ගේ උතුම්ම දිනය වන වෙසක් පොහොය දිනය අදට යෙදී ඇත.  විශ්ව පරමිය මෙවරද වෙසක් දින වැඩසටහන අට වන වරටත් කොළඹ විජේරාම පාරේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී මහා සංඝරත්නය උදෙසා සාංඝික දානයක් සමඟ සිල් ඇත්තන් 2100 දෙනෙකුට දිවා දානයද පිළිගන්වනු ලැබිය. මීට අමතරව මෙම දානයෙන් කොටසක් ගංවතුරෙන් අවතැන් වූ අපේම සහෝදර ජනයා වෙතද ලබාදීමට අප කටයුතු කල බව සටහන් කරමු. මෙසේ එක් රැස් කරගත් කුසල් අප සියළු දෙනාහට අනුමෝදම්වී ඉදිරියේදීත් මෙවන් සත්කාරයන් කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය අප සැමට ලැබේවා!එමෙන්ම මෙම කුසල් අප සැමගේ ශීල, සමාධි, ප්‍රඥා දියුණුව පිණිසම අප හට අනුමෝදනා වේවා!