Pivithuru2
පිවිතුරු පූජා

පිවිතුරු පැන් පූජා – සීවිලීපුර, පදවිය.

DSCF3311   DSCF3304

DSCF3305  DSCF3375

පිවිතුරු පැන් පූජා ෴

උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල වතාමානයේ ලංකික ජනයා පිඩා විදින ප්‍රධාන ගැටළුවක් වන්නේ වකුගඩු රෝගී තත්වයෙන්ය. ඉන් වඩාත් පීඩා විදින්නේ අපගේ ගොවි ජනතාව වීම විශේෂ කරුණකි. මෙය මැඩ පැවැත්වීමට නොයෙකුත් කටයුතු කලත් අවසානේ ඔවුන්ට අත්‍යවශ්‍ය වන්නේ බිමට පිරිසිදු වතුරයි. නිරෝගිමත් ලෙස ජිවත් වන්නට ඔවුන් යදින්නේ පානය කිරීමට සුදුසු පිරිසිදු ජලයයි.

එය ඉටුකරමින් වකුගඩු රෝගයෙන් පීඩා නොවිඳින​ ජීවත්වීමට ගැමි  ජීවිතවලට අස්වැසිල්ලක් වන්නට විශ්ව පරමිය දරන උත්සහයයි පිවිතුරු පැන් පුජා”.

විශ්ව පාරමී දායකත්වයෙන් ක්‍රියාත්මක “පිවිතුරු පැන් පූජා” ව්‍යාපෘතියේ පළමුවැන්න සඳහා තෝරාගත්තේ පදවියත් ත්‍රිකුණාමලයත් මායිමේ පිහිටි පදවියේ, සීවිලීපුර ග්‍රාමයයි. මේ වනවිටත් එහි ගැමියන් 30 දෙනෙක් පමණ වකුගඩු රෝගීන් ලෙස හදුනාගෙන ඇති අතර දැනටමත් ගැමියන් 40 දෙනෙකු පමණ වකුගඩු රෝගය හේතු කොටගෙන මිය ගොස් ඇත.

මෙම ව්‍යාපෘතිය මගින්  ගම්මාන 5ක ගැමියන්ගේ පානිය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙනු ඇත. එම ගම්මාන නම් සීවලී පුර, ජයන්ති වැව, දළුග්ගල, බාලයා වැව සහ ඩි 10 ග්‍රාමයයි. මෙම ගම්මාන 05 තුල ජිවත් වන පවුල් ගණන 1500 ක් පමණ වන අතර මින් ප්‍රතිලාභ ලබන ගැමියන් ගණන 6000 ක් පමණවේ. මෙම ව්‍යපෘතිය තුලින් තමන්ට අවශ්‍ය පිරිසිදු ජලය ලබා ගැනීමට බලාපොරොත්තුවේ.

පළමු ජල පිරිපහදුව 2015 නොවැම්බර් මස දී සීවිලිපුර ගැමියන් සතුකල අතර මෙහි දෙවැන්න 2016 ජනවාරි මස වදනිමවේ. මෙම ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජනතාවක් බිහිවේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු!