photo 4
June 22, 2015 by

අම්මාවරුනේ | Ammawarune

photo 4  IMG_4287

IMG_4323  photo 10

දස මසක් කුස දරා සිය දරු පැටියා මෙලොව එලිය දකින තෙක්, සෑම මවක්ම බලා ඉන්නේ නොතිත් වූ ආශාවෙන්. සෑම කාන්තාවකගේම බලාපොරොත්තුව නිරෝගී දරු සම්පතකුයි . එයට දුප්පත්, පොහොසත්, ජාති, ආගම් කියා වෙනසක් නැහැ . තම තමන්ට පුළුවන් මට්ටමටත් ඉහලින්, හෙට ලොව එලිය  බලන ඒ කිරි කැටියාට උපරිම පෝෂණයත්, ආරක්ෂාවත් ලබා දීමයි, මවක වීමට සූදානම් වන ඇගේ බලාපොරොත්තුව .

ඒ උතුම් ප්‍රාර්ථනාවට  ට රුකුලක් වීමයි“අම්මාවරුනේ” වැඩසටහන දියත් කරන අපේ අදිටන. දහසකුත් එකක් ප්‍රශ්න සමග හෙම්බත් වී ඇති, ඇති දුෂ්කර පළාත් හි දරිද්‍රතාවයෙන්  බැටකමින් සිටින,  හෙට දවසේ  දරුවකු බිහි කිරීමට අපේක්ෂා කරන අම්මවරුනට සැබෑම සරණක්“ අම්මාවරුනේ”.

සිය දරු ප්‍රසූතියට අවශ්‍ය කරන උපකරණත්, උපදින කිරි කැටියාට අවශ උපකරණත් ලබා දීම මේ මගින් සිදු කරනවා .