DSCN5810
January 9, 2016 by

අභය පාරමී | Abhaya Parami

DSCN5815  DSCN3063 DSCN3054  DSCN2911

අසියාතික රටවල් වල අපි , සතුන් කොට්ටාශ දෙකකට ගෞරව කරනවා. කරඬුව වැඩමවීමේ භාග්යතය ලබන ඇතුන් එයින් එක කුලකයක් . අනෙක් කුලකය නම් ගවයායි. සමහර ආගම් වල නම් ගවයා දේවත්වයෙන් පිදුම් ලබනවා . ඒ හැරුණු කොට ගෘහ ආශ්රිකත සතුන් කිහිප දෙන අතරටත් ගවයා අයත් වනවා . ගෘහ ආශ්රිකත අනෙක් සියලුම සතුන්ට වඩා, අප ගවයාට ණයගැතියි . ඒ ඇයිදැයි පවසුවොතින් , අපට බත් දෙන කුඹුරේ සියලුම වැඩ කරදෙන්නේත් වතු පිටිවල වැඩ කර දෙන්නෙත් , ගමන් යෑම් සදහා කරත්තයට බදින්නෙත් ඌම නොවෙයිද ? ඒ සියල්ලටම වඩා අප ණය ගැතිම වන කාරණාව නම් මාස 9 ක් පමණ කෙටි කාලයක් අපේ අම්මාගේ කිරෙන් පෝෂණය වන අප , ඉතිරි ජීවිත කාලයම කුස පුරවාගන්නේ මේ අහිංසක සත්වයා ලබා දෙන කිරෙන් නොවෙයිද ? අවසානයේ ශෝචනීය ඉරණමකට මුහුණ දෙන්නෙත් අපගේ කුස පුරවන්නම නොවෙයිද ? මස් කඩයේ තම අවස්ථාව එන තුරු බලා සිටින ගවයාට මොනවා නම් හිතෙනවා ඇද්ද . ඒ දෙනෙතින් ගලා යන කදුළු වලට කතා කරන්න පුලුවන්නම් ?
විශ්වපාරමියේ දහසකුත් එකක් පින්කම් වලින් එක් ව්යා යාමයක් මේ අහිංසක සතා වෙනුවෙන් වෙන් වුණා .

“අභය පාරමී”.

ජීවිත ආශාව ඇත හැර සිටිනා මේ කිරි අම්මා වරුන්ට ජීවිතය ලබා දීමයි ඒ. මස් කඩයෙන් බේරාගෙන නතර නොවී අප , තෝරාගත් ගොවි පවුල් වෙතට මෙම සතුන්ගේ භාර කාරත්වය පවරා දෙනු ලබනවා . ඉනිදු නොනැවතී එම සතා හොදින් රැක බලා ගන්නවාද කියා අප නිරතුරුවම වග වනවා .
එපමණකුත් නොවෙයි .

පිලිකා රෝහලේ ගිලන්ව, හෙට ඉර පායනවා දැකගත් හැකිදැයි විශ්වාසයක් හෝ නොමැති අසරණ රෝගීන් නමින් තමයි විශ්ව පාරමිය මේ අභය දානය සිදුකරන්නේ . ජීවිතයට ජීවිතයක් බේරා එම පින මෙම අසරණ රෝගීන්හට කැප කරනවා .